IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


වයිරසයෙන් බ්‍රිතාන්‍යයේ මිය ගිය ගණන 70 ඉක්මවයි

කොරෝනා වයිරසයෙන් බ්‍රිතාන්‍යයේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් ඇති අතර, 1,950දෙනෙකුට වයිරසය ආසානය වී තිබේ.

අද පමණක් පුද්ගලයන් 16දෙනෙකු මිය ගිය අතර ආසාදිතයන් 407දෙනෙකු වාර්තා වී ඇත.

ස්කොට්ලන්තය සහ වේල්සය ද සිය දෙවන කොරෝනා මරණය වාර්තා කළේය.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එංගලන්තයේ  14දෙනෙකු  මියගොස් ඇති අතර, 1,557දෙනෙකු ආසාදිතයන් ලෙස වාර්තා වී ඇති බවය.

වේල්සයෙන් 136දෙනෙකු ද, ස්කොට්ලන්තයෙන් 195දෙනෙකුද, උතුරු අයර්ලන්තයෙන් 62දෙනෙකු ද වාර්තා වේ. 50,000කට අධික පිරිසක් වයිරසය සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක් කර ඇත.

බ්‍රිතාන්‍යයේ වයිරසය ආසාදනය වී මිය ගිය ලාබාලතම පුද්ගලයා ලෙස සැලකෙන්නේ එංගලන්තයේ 45 හැවිරිදි අයෙකි.

මේ වනවිට එංගලන්තයේ ආසාදිතයන් රට පුරා ව්‍යාප්තව ගොස් ඇතැයි වාර්තා වේ. ඩඩ්ලි  නගරයෙන් දෙදෙනෙකුද, ලන්ඩන් නුවර දෙදෙනෙකුද, යෝක්ෂයර් ප්‍රාන්තයේ තිදෙනෙකුද, කෙටෙරින් හි එක් අයෙකු සහ චෙෂයර් එක් අයකු වශයෙනි.

බ්‍රිතාන්‍ය අගමැති බෝරිස් ජොන්සන් මහතා පසුගිය රාත්‍රියේදී බ්‍රිතාන්‍යයට ඇතුළු වීම සහ පිටවීම තහනම් කරමින්  හුදකලා නගරයක් බවට පත්කිරීමට උපදෙස් ලබාදුන් අතර, වයිරසය තවත් මාස 18ක පමණ කාලයක් බලපැවැත්වෙනු ඇති බවද පැවසීය.

අවුරුදු 70ට වැඩි පිරිසට සහ ඇදුම, හෘද රෝග, වකුගඩු රෝග ආදී අසනීප තත්වයෙන් පසුවන පුද්ගලයන්ට සෙසු පුද්ගලයන් සමග ගනුදෙනු නොකරන ලෙස දැනුම් දී ඇත.



අදහස් (0)

වයිරසයෙන් බ්‍රිතාන්‍යයේ මිය ගිය ගණන 70 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site