IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ව්‍යාපාරිකයෝ පාදෙනියේ කඩසාප්පු වසා දමති

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ) 
 
දින තුනකට පසුව අද (28) දිස්ත්‍රික්ක ගණනාවකට ඇදිරි නීතිය ඉවත් කලත් වාරියපොල පාදෙනිය නගරයේ කඩ සාප්පු සියල්ල සිය කැමැත්තෙන් වසා දැමීමට එහි ව්‍යාපාරික පිරිස ක්‍රියා කළහ.

ඔවුන් පවසන්නේ පාදෙණිය නගරය අවටින් මේ වනවිට කොරෝනා රෝගියෙකු හදුනා ගැනීමත් රෝගය ආසාදනය වූ බවට තවත් සැකකටයුතු පුද්ගලයින් කිහිප දෙනෙකු හමුවීමත් හේතුවෙන් ප්‍රදේශයේ අවධානම ඉහල ගොස් ඇති බවයි.
 
මේ හේතුවෙන් මැයි මස 05 වෙනිදින දක්වා පාදෙණිය නගරය වසා දමන බව එම ව්‍යාපාරික පිරිස් කියති. තවද මෙම ප්‍රදේශයට බලධාරීන් නිසි අවධානයක් යොමු නොකරන බවටද ඔවුහු චෝදනා කළහ. 
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.ඒ.ඩී. සුරවීර මහතා කියා සිටියේ කොරෝනා රෝගියෙකු හමුවූ විට දැනට පොදුවේ කරන සියලු කටයුතු නිසි පරිදි සිදුකරන බවයි. 
 
කිසියම් ප්‍රදේශයක් වසාදැමීම හෝ වසා ඇති ප්‍රදේශයක් විවෘත කිරීම තීරණය කරනු ලබන්නේ මධ්‍යම මෙහෙයුම් මධ්‍යස්ථානය බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.  
 



අදහස් (1)

ව්‍යාපාරිකයෝ පාදෙනියේ කඩසාප්පු වසා දමති

Harin Tuesday, 28 April 2020 02:18 PM

නියම මිනිස්සු! සදා වාසනාවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 546 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 294 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site