(ජේ.කේ.එල් චාමින්ද)
දැනට පවතින තත්වය හේතුවෙන් විදේශිකයින්ට හා පිටස්තර පුද්ගලයින්ට දකුණු පළාතේ ළමා නිවාසවලට ඇතුල්විම තාවකාලිකව තහනම් කර ඇති බව දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් මහෙෂ් කරුණානායක මහතා පවසයි.
දකුණු පළාතේ ළමා නිවාස වලට දරුවන් ඇතුළත් කරගැනිමේ දි වෛද්‍ය පරික්ෂණයකට ලක්කර එම දරුවන් ඇතුළත් කරගන්නා ලෙස පරිවාස නිලධාරින්ට උපදෙස් ලබාදි ඇති බැව්ද ඒ මහතා පැවසීය.
සති දෙකකට පමණ අවශ්‍ය වියලි අහාර ද්‍රව්‍ය ළමා නිවාසවල ගබඩා කොට ඇති බවද ළමා නිවාස වලට දාන ලබාදිමේ දි සෞඛ්‍ය ආරක්ෂිතව වියලි අහාර ද්‍රව්‍ය පමණක් ලබාගෙන ඉවිමේ කටයුතු සිදුකරණ බවද සඳහන් කළේය.
මේ පිළිබද අදහස් දක්වමින් දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස්වරයා මේසේද කිවේය.
දකුණු පළාතේ ළමා නිවාස 26ක දරුවන් 850ක් විතර ඉන්නවා. එහි ඉඩකඩ පහසුකම් අඩුයි. මේ නිසා ළමා නිවාසවලට අධිකරණ නියෝගමත දරුවන් ඇතුලත් කරගැනිමේ දි එම දරුවන් වෛද්‍ය පරික්ෂණයකට ලක්කොට නිරෝගි දරුවකු බව තහවුරුකර ගැනිමෙන්පසු ඇතුලත් කරගන්නා ලෙස පරිවාස නිලධාරින්ට උපදෙස් ලබාදි තියෙනවා.
දැනට සති දෙකකට පමණ අවශ්‍ය අහාර ද්‍රව්‍ය තියෙනවා.මෙම තත්වය තවදුරටත් පැවතුනහොත් ආහාර ද්‍රව්‍ය සපයා ගන්නා ආකාරය පිළිබද අමාත්‍යංශය සමග සාකච්ඡා කිරිමට බලාපොරොත්තුවන බවද පරිවාස කොමසාරිස්වරයා සදහන් කළේය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
විදේශිකයන්ට - පිටස්තරයින්ට දකුණේ ළමා නිවාසවලට ඇතුළු වීම තාවකාලිකව තහනම්
Tissa Kumara Friday, 27 March 2020 02:34 PM
මේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම ඉතාම වැදගත් වෙනවා. දරුවන්ගේ ආරක්ෂාව හා අත්මාභිමානය තහවුරු කිරීම සඳහා කටයුතු කිරීමකි.