(බිඟුන් මේනක ගමගේ)
සාමාන්‍ය ජනතාව අතර අනවශ්‍ය භීතිකාවක් ඇති කිරීම සඳහා කොරෝනා වයිරසය පිළිබඳ ව්‍යාජ හෝ ගොතන ලද තොරතුරු බෙදා හැරීම හෝ බෙදාගැනීම සඳහා සියලු ආකාරයේ විදුලි සංදේශ සේවා අනිසි ලෙස භාවිතා කිරීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම මහජනතාවට අවධාරණය කරයි.
නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් දුර්මත හා ව්‍යාජ පුවත් පැතිරීම පදනම් කරගෙන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම මෙම නිවේදනය කර ඇති අතර උපදෙස් නොතකා ක්‍රියා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද එම නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක රජ්ජුරුවන්ටයි බෙලෙක් කටටයි කියන්න. මතකද පාස්කු ප්‍රහාරය ? දෙන්නා එකතු වෙලා හැම හන්දියේම පිපිරෙව්වේ කටින්. දරුවන්ගේ පාසල් වැස්සෙව්වා බලය ගන්න ඕන නිසා. දැන් මේ අයට ඊට වැඩිය ලොකු ගින්දරක් දෙවියෝ දුන්නේ. තුනෙන් දෙකක් තියෙන එකත් නැති වෙන පාටයි. අනුන්ට දුන්න ගින්දර...මහින්දගේ නැකත් හදන කෙනාට රත්තරන් තෑගි දෙන්න වටිනවා. මරු සිටින දිශාවෙන් වැඩ පටන් ගන්න හදලා දෙන්නේ ගෝඨා දිවුරුම් දුන්නේ කොතක් නැති දාගැබක් ඉදිරියේ ප්‍රතිඵල කොහොමද ?
අනතුරු ඇගවීම මිසක් රට නොමග යවන ඕපාදූපකාරයින්ට කිසිම දඩුවමක් නෑ. මේ නියාමන කොමිසමෙන් ඇති ඵලය කුමක්ද?