(ක. ග. කරුණාරත්න)
කාන්දකාඩු මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයට ආගිය සහ ඔවුන්ගේ සමීපතමයින් ලෙස හඳුනාගත් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 5ක වෙසෙන පුද්ගලයෝ 66දෙනෙකු ඔවුන් වෙසෙන නිවෙස්වලම ස්වයං නිරෝධායනට අද(12) යොමුකළ බව පොළොන්නරුව දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා අංශය කියයි.
නෙළුම්පුර, වීරපුර, දේවාලගොඩැල්ල, ජයපුර, පටුනුගම යන වසම්වල පදිංචි පවුල් 18ක සාමාජික සාමාජිකාවෝ මෙහි වෙති.
මොවුන් සියලුදෙනා මේ වනවිට පී.සී.ආර්.පරීක්‍ෂණ සඳහා යොමුකර ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වසංගත රෝග විද්‍යාඥ, වෙද්‍ය සංජය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd