(නයෝමි දිල්රුක්ෂි)
රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල සීමාවට අයත් කොත්තනවත්ත ග්‍රාම නිලධාරි වසමට අයත් තැබිලිකුඹුර වත්ත ග්‍රාමයට සංචරණ සීමා පැනවිමට කටයුතු කල බව පින්නවල මහජන සෞඛ්‍ය පරික්ෂක උදය කුමාර මහතා පවසයි.
රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් 29දා සිදුකල පී සී ආර් පරික්ෂණයකින් අනතුරැව කොවිඩි ආසාදිත රෝගින් 12 දෙනකු තැබිලිකුඹුර වත්ත ප්‍රදේශයෙන් හමු විමත් සමග දින නියමයකින් තොරව සංචරණ සීමා පැනවිමට රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ රඹුක්කන පොලීසිය ඵක්ව කටයුතු යොදා ඇත.
මෙි වන විට කොත්තනවත්ත ප්‍රදේශයෙන් කොවිඩි ආසාදිත රෝගින් 18 දෙනකු හදුනා ගෙන ඇත.
කොරෝනා වෛරසය අසාදනය වු මෙම රෝගින් ඇසුරැ කල පුද්ගලයන් සොයා නිරෝධායනය කිරිමට ඊයේ (31) දින මහජන සෞඛ්‍ය පරික්ෂක මහත්වරු කටයුතු කළහ.
කෑගල්ල දිස්ත්‍රික්කය තුල කොරෝනා වෛරසය ආසාදනය විමෙන් මිය ගිය පලමු මරණය සිදුව ඇත්තේද මෙම කොත්නවත්ත ප්‍රදේශයෙනී.
රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මෙි විට කොවිඩි අසාදිත රෝගින් 79 දෙනකු හදුනාගෙන ඇත.
දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සිමාවෙන් කොරෝනා අසාදිත රෝගින් 326 දෙනකු හදුනාගෙන ඇති අතර දිස්ත්‍රික්කය වැඩිම අසාදිතයන් ප්‍රමාණය දෙහිඔිවිට ප්‍රදේශයෙන් වාර්තා වන අතර මෙි වන විට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩි අසාදිත රෝගින් දහස ඉක්මවා ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රඹුක්කන තැඹිලිකුඹුරට සංචරණ සීමා