(සුජිත් හේවාජුලිගේ )
බන්ධනාගාරවල රැඳවියන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් අප බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගෙන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ
බන්ධනාගාර ගත රැඳවියන්ට එන්නත ලබාදීම ප්‍රායෝගික නොවන බවයි.
සියලු රැඳවියන් කොවිඩ් පරීක්ෂණවලට යොමුකර නිරෝධායනයට යොමු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවද ඔහු සඳහන් කළේය.
බන්ධනාගාර ගත රැඳවියන් විශාල පිරිසකට කොවිඩ් රෝගය වැළඳුණද කිසිම රැඳවියකු එම රෝගයෙන් මිය නොගිය බව පැවසූ රත්වත්තේ මහතා දිවයින පුරා සියලුම බන්ධනාගාර නිලධාරීන්ට කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා දී ඇතැයිද පැවසුවේය.
බන්ධනාගාරවල කොවිඩ් පැතිරීම පාලනය කර ඇතැයි රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරකරුවෝද මනුෂ්‍යෙයා්ය
සිරකරුවෝද මනුෂ්‍යයෝය.