IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


‘රැඳවියන්ට කොවිඩ් එන්නත දෙන්න තීරණය කර නෑ

(සුජිත් හේවාජුලිගේ )

බන්ධනාගාරවල රැඳවියන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අප බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගෙන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ
බන්ධනාගාර ගත රැඳවියන්ට එන්නත ලබාදීම ප්‍රායෝගික නොවන බවයි.

සියලු රැඳවියන් කොවිඩ්  පරීක්ෂණවලට යොමුකර  නිරෝධායනයට යොමු කිරීමේ  වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවද  ඔහු සඳහන් කළේය.

බන්ධනාගාර ගත රැඳවියන් විශාල පිරිසකට කොවිඩ්   රෝගය වැළඳුණද කිසිම රැඳවියකු එම රෝගයෙන් මිය නොගිය බව පැවසූ රත්වත්තේ මහතා දිවයින පුරා සියලුම බන්ධනාගාර නිලධාරීන්ට කොවිඩ්  එන්නතේ මාත්‍රා දෙකම ලබා දී ඇතැයිද පැවසුවේය.

බන්ධනාගාරවල කොවිඩ්  පැතිරීම පාලනය කර ඇතැයි රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් කීය.

 

 



අදහස් (2)

‘රැඳවියන්ට කොවිඩ් එන්නත දෙන්න තීරණය කර නෑ

Nuwan Monday, 14 June 2021 12:07 PM

සිරකරුවෝද මනුෂ්‍යෙයා්ය

:       0       1

Roshan Monday, 14 June 2021 05:25 PM

සිරකරුවෝද මනුෂ්‍යයෝය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 884 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site