IMG-LOGO

මහනුවර දළදා මාලිගා පොලීසියේ 19 දෙනකුට කෙරෝනා

 

(චමිල් රූපසිංහ)
 
මහනුවර ශ්‍රී දළදා මලිගා පොලීසියේ නිලධාරීන් පිරිසකට කොරෝනා ආසාදනය වීමෙන් වෙනත් පොලිස් නිලධාරින් කණ්ඩායමක් එහි සේවයට යොදවා කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් 231 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසීය.

ශ්‍රී දළදා මාලිගා පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු දෙදෙනෙකුට කොවිඩ් වැළඳී තිබෙන බවට තහවුරු වීමෙන් පසු අනිකුත් පොලිස් නිලධාරින්ට  ඊයේ (16) පී.සී.ආර් පරීක්ෂණ සිදුකර තිබේ .එහිදී පොලිස් නිලධාරීන් 19 කට කොවිඩ් වැළඳී තිබෙන බව හෙළිවී ඇත.

එම ඒකකයේ නිලධාරීන් 21 දෙනෙකුට වෛරසය අසාදනය වී තිබෙන අතර, දළදා මාලිගාවේ පොලිස් කාර්ය මණ්ඩලයට ඉවත්කර ඒ වෙනුවට වෙනත් පොලිස් ස්ථාන වලින් 185 දෙනෙකු තාවකාලිකව අනුයුක්ත කළ බවද ඒ මහතා කීය.

යුක්රේන සංචාරකයින් මෙරටට පමිණීමට පෙර ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් ඒකකයේ නිලධාරියෙකුට කොවිඩ් වෛරසය මුලින් ආසාදනය වී තිබෙන අතර  ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසු අතර දළදා මාලිගාව තුළ සේවය කරන පොලිස් නිලධාරීන් කිසිවෙකුට වෛරසය අසාදනය වී නොමැති බවද ඒ දියවඩන නිළමේවරයා සඳහන් කළේය.



අදහස් (3)

මහනුවර දළදා මාලිගා පොලීසියේ 19 දෙනකුට කෙරෝනා

Raveendra Monday, 18 January 2021 05:06 AM

අපි දන්නවා යුක්‍රේන් පොකුරෙන් නෙමෙයි කියලා. බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට...

:       0       0

NASA Monday, 18 January 2021 05:50 AM

තේරෙන්න කියන්න. මොනවද මේ අණ්ඩර දෙමළ? හැදිලාලු.. නැතිලු... ඇත්තටම මොකද වෙලා තියෙන්නේ?

:       0       0

fairoos Monday, 18 January 2021 07:33 AM

යුක්රේන් වලින් ආපු අයගෙන් නම් වෙන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 335 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 510 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 205 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site