
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවෙන් කොවිඩ් ආසාදිත සේවකයන් තවත් එකොළොස් දෙනකු අද (21) හමුවී ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.
පාර්ලිමේන්තු සේවකයන් 75 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ඊයේ යොමු කෙරුණු අතර ඉහත සේවකයන් එකොළොස් දෙනාට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත්තේ එම පරීක්ෂණවලදී යැයිද ඔහු පැවසුවේය.
පාර්ලිමේන්තුවේ කොවිඩ් පැතිරීම තරමක් අඩුවී ඇතැයි වේත්‍රධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කොවිඩ් ආසාදිත සේවකයෝ 11 දෙනා නිවෙස් ගත නිරෝධායනයට යොමු කරනු ලැබූහ.
පාර්ලිමේන්තුවෙන් පසුගිය සති කිහිපයේදී පමණක් කොවිඩ් ආසාදිත සේවකයන් සියයකට වැඩි පිරිසක් සොයාගත් බව එහි ප්‍රධානීහු පවසති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පනස් හතර දෙනෙක් කොවිඩ් රෝගයට මේ දක්වා ගොදුරුවී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd