IMG-LOGO

මංගලෝත්සවයේ මනාල යුවළ ඇතුළු 136 කට කොරෝනා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
අඹන්පොල ප්‍රදේශයේ පසුගිය ජනවාරි 21 දින පැවති මංගල සාදයකින් පසු මනාලයා හා මනාලිය ඇතුළු 136 කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

 
මෙම මංගල උත්සවය දැතව ප්‍රදේශයේ මංගල උත්සව ශාලාවක පවත්වා ඇති බවත් මනාලිය අඹන්පොළ උඩංගාව ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් මනාලයා මිනුවන්ගොඩ පදිංචිකරුවකු බවද සෞඛ්‍ය අංශ අනාවර්ණය කරගෙන තිබේ.මංගල උත්සවයේ දෙවන දිනය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පවත්වා ඇති බවත් මෙම මංගල උත්සව අවස්ථා දෙකටම 260 කට ආසන්න  පිරිසක් එක්වී ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.
 
මෙම මංගල උත්සවයට සහභාගි වු පිරිසගෙන් විවිධ අසනීප වාර්තා වීමත් සමග පළමුව 10දෙනෙකු සම්බන්ධ කර ගනිමින් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවක් කර ඇති බවද, එම 10දෙනාම ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.මංගල උත්සවයට සහභාගි වු අඹන්පොල හා මිනුවන්ගොඩ පිරිස පීසීආර් පරීක්ෂණ සදහා යොමු කිරීමෙන් පසුව මෙම මංගල උත්සවයට සහභාගි වු 260 පිරිසෙන් මනාලයා හා මනාලිය ඇතුළු 136 දෙනෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
 
අඹන්පොල, බොරවැව , දිගන, කොහල්ල,  ඇතුළු ප්‍රදේශ වලින් මෙම මංගල උත්සවයට සහභාගි වු 40 දෙනෙකු ආසාදිතයින් බව ද සෞඛ්‍ය අංශ කියයි. මිනුවන්ගොඩ  මනාලයාගේ පාර්ශවයේ 96 දෙනෙකු කොවිඩ් ආසාදනය වී තිබේ.
 
කෙසේ නමුත් මෙම කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් පැතිරි යන නව ප්‍රබේදයදැයි සෞඛ්‍ය අංශ සැක පළ කරමින් පවති.



අදහස් (4)

මංගලෝත්සවයේ මනාල යුවළ ඇතුළු 136 කට කොරෝනා

Always breakdown Monday, 08 February 2021 02:04 PM

බලාගන්න තිබ්බා මේක මුස්ලිම් මගුලක් නම්..!!! 

:       2       227

janahitha UAETuesday, 09 February 2021 04:32 AM

එවැනි මතයක් සමාජය තුළ දක්නට නැත. සියල්ලෝම මින් බේරාගත යුතුයි. ජාති, ආගම්, කුල මල ඇති, නැති බේදයකින් තොරව පැතිරෙන භයානක වුවදුරක් බව දන්නා බැවිනි.

:       0       1

Raveendra Monday, 08 February 2021 03:25 PM

දැන් ඔය මිනිස්සුන්ට ක්‍රියාත්මක වෙන නීතිය පාටි දාපු පාදෙණියලාට නම් ක්‍රියාත්මක වෙන්නේ නෑ...

:       0       1

Rratne Monday, 08 February 2021 05:32 PM

මඟුල් කල් දා ගන්න හෝ නැත්නම් අත්‍යාවශ්‍යම 10-20 ක් පමණක් සහිතව පවත්වන්න. එහෙම නැත්තන් හඳපානේ පැනල යන්න, ලෙඩ බෝ කිරීමට වඩා එය වඩාත් හොඳයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 285 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site