IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


බලන්ගොඩ මුස්ලිම් පල්ලිය තාවකාලිකව වහයි

(ප්‍රින්ස් රත්නායක)
 
බලංගොඩ ප්‍රදේශයෙන් කෝවිඩ් ආසාදිතයින් දෙදෙනකු හමු වීමත් සමග බලංගොඩ ගොරොක්ගහමඩ  මුස්ලිම් පල්ලිය දින කීපයකට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව බලංගොඩ නගරාධිපති චමික ජයමිණ වැවේගෙදර මහතා පැවසීය.

බලංගොඩ දෙහිගස් තලාව සහ ගොරොක්ගහමඩ ප්‍රදේශයේ කෝවිඩ්  ආසාදිතයින් දෙදෙනකු හමු වීමත් සමඟ මෙම පියවර ගත් බව නගරාධිපතිවරයා පැවසීය.

ආසදිත පුද්ගලයා  වයස අවුරුදු 60 ක් පමණ වන අතර ඔහු රත්නපුර රෝහලේ  සායනික ප්‍රතිකාර ලබා ගැනීමට ගොස්  ඇත. එම පුද්ගලයා  පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කෝවිඩ්  ආසාදිත බවට හඳුනා ගැනීමත් සමග හෝමගම රෝහලේ කෝවිඩ්  ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව බලන්ගොඩ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  නූර්දන් රිෆයිඩීන්  මහතා පැවසීය .

වයස අවුරුදු එක හමාරක දරුවෙකුට ද කෝවිඩ්  ආසාදනය වී ඇති බව වාර්තා වෙයි. 

එම දරුවා සහ පවුලේ පිරිස එක්ව ගමන් ගනිද්දී හදිසි අනතුරකට ලක් වී  ඇති අතර එම දරුවා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර සිටියදී සිදු කළ ඇන්ටිජන්  පරීක්ෂණයෙන් කෝවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇත.

මේ හේතුවෙන් බලංගොඩ ප්‍රදේශයේ ගොරොක්ගහමඩ  සහ දෙහගස්තලාව ප්‍රදේශයේ කෝවිඩ්  ආසාදිත පුද්ගලයින් දෙදෙනාගේ  පවුල් තුනක  පළමු ආශ්‍රිතයෙන් පහළොස් දෙනෙකුට නිරෝධායනය කටයුතු සඳහා යොමුකර ඇති අතර තවදුරටත් එම පුද්ගලයන් හා ආශ්‍රිත පුද්ගලයෙක් පිළිබඳව කටයුතු සිදුකරමින් සිටින බව සෞඛ්‍ය පවසයි.



අදහස් (8)

බලන්ගොඩ මුස්ලිම් පල්ලිය තාවකාලිකව වහයි

රවි Wednesday, 06 January 2021 04:05 PM

තාවකාලිකව නෙමෙි සදාකාලික වසා දැමිය යුතුයි.

:       13       12

UDARAWednesday, 06 January 2021 05:18 PM

හම්මෝ ඔච්චර ඇයි තරහා...?

:       0       1

සින්නයියාThursday, 07 January 2021 01:31 AM

සහතික ඇත්ත රවි. මොවුන්ට ලෙඩ බෝවෙන්නේ කෑම ගැනීමේදී දුරස්ත බවින් තොරව වටවී කෑම ගැනීම නිසා රෝගීන්ගේ ඉඳුල් නිරෝගී අයට පැතිරෙනවා කියල හිතෙනවා.

:       3       1

kamalThursday, 07 January 2021 04:23 AM

දන්න දෙයක් කතාකරන්න.

:       2       5

BamunuarachchiFriday, 08 January 2021 04:25 AM

ඇයි මොකක්ද මෙතන නොදාන්නේ...?

:       0       0

BamunuarachchiFriday, 08 January 2021 04:27 AM

මමත් එකඟයි... වහලා දාල ඉඩමේ අම්බලමක් හදනවා නම් හොඳයි.

:       0       0

sharm warn Thursday, 07 January 2021 03:31 AM

මේ ගොල්ලෝ වැළලෙන්න හදන එකෙන් මම නම් තේරුම් ගත්තේ වැඩිම ආසාධිතයින් ඉන්නේ මේ ගොල්ලෝ අතරේ කියලා... මෙයාලගේ මහලොකු නායකයෝ කවුරුවත් කටවල් අරින්නේ නැහැ... සෞඛ්‍යාරක්ෂිතව ඉන්න කියන්න.

:       3       5

MISHAL-MATARA Thursday, 07 January 2021 08:10 AM

අම්මෝ පල්ලියක් දැක්ක ගමන් බය හිතෙනවා. දුකයි ලංකාවේ සාමාන්‍ය ජනතාව ගැන.. ඇයි මහජනතාව කුලප්පු කරන්නේ..?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31542 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13900 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11074 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 159 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1079 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site