(අජන්ත කුමාර අගලකඩ සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී නැතැයි ඔහුගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇත.

අමාත්‍යංශයේ ලේකම් භද්‍රනි ජයවර්ධන මහත්මියට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් බන්දුල ගුණවර්ධන මහතාද අද (01) පෙරවරුවේ පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්විය. එහි වාර්තාව අද පස්වරුවේ ලැබී තිබූ අතර ඇමතිවරයාට කොවිඩ් ආසාදනය වී නැති බව එමගින් තහවුරු විය.