(එෆ්.අස්ලම්)
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩු ලබා පැමිණ නැවත රාජකාරියට වාර්තා කිරීමෙන් පසු කොවිඩ් 19 ආසාදිතයින් යැයි තහවුරු කරගත් බදුල්ල දිස්ත්‍රික්කයේ යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුගේ ආශ්‍රිතයින් 116 ක් නිරෝධායනයට ලක්කර තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය රොහාන් මාපා මහතා පැවසීය.
මෙලෙස කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇත්තේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරියේ නිරතව සිටින බදුල්ල කැන්දගොල්ල , පස්සර පරමංකඩ සහ මහියංගනය සොරබොර ප්‍රදේශවල පදිංචි තිදෙනෙකු බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
මෙම තිදෙනාම නිවාඩු අවසන් කර යළි රාජකාරියට වාර්තා කිරීමෙන් පසු සිදුකළ පරීක්ෂණ වලින් කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබිණි.
මොවුන් අතරින් බදුල්ල කැන්දගොල්ල ප්‍රදේශයේ හමුදා සාමාජිකයා පසුගිය මස (09) වැනිදා නිවාඩු ලබා පැමිණ (19) වැනිදා පිටව ගොස් ඇති බවත් මහියංගනය සොරබොර ජනපදයේ පදිංචි හමුදා සාමාජිකයා ද ජුනි (6) වැනිදා පැමිණ (16) වැනිදා පිටව ගොස් තිබෙන බවත් පස්සර පරමහංකඩ ප්‍රදේශයේ පදිංචි හමුදා සාමාජිකයා මේ මස (3) වැනිදා පැමිණ (10) වැනිදා පිටව ගොස් ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ඇසුරෙන් කොවිඩ් 19 වයිරසය පැතිර යාම වැළක්වීමට සෞඛ්‍ය අංශ උපරිමයෙන් පියවර ගෙන තිබෙන බවත් ඔවුන්ගේ ආශ්‍රිතයින් 116ක් හඳුනාගෙන නිරෝධායනයට ලක් කර තිබෙන බවත් කී අධ්‍යක්ෂවරයා පස්සර පරමහංකඩ ප්‍රදේශයේ පදිංචි නිවාඩු ලබා පැමිණි හමුදා සාමාජිකයාගේ ආශ්‍රිතයින් කෙරෙහි දැඩි අවදානයක් යොමු කර සිටින බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
හැකි සෑම විටම මුඛ ආවරණ පළදිමින් පෙර සිට කරගෙන ආ සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිළිපදිමින් කටයුතු කිරීම මේ අවස්ථාවේදී වැදගත් බවද හෙතෙම කියා සිටියේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බදුල්ලේ 116 ක් නිරෝධායනයට