(සුදත් එච්. එම්. හේවා )
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් වතු හතරකින් අලුතින් කොවිඩ් ආසාදිතයන් 51 දෙනකු හමුවි ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පැවසීය.
පසු ගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂනවල ඊයේ (10) රාත්‍රියේ ලැබුන වාර්තා මත බගවන්තලාව වතුයායේ ඉහල කොටසින් ආසාදිතයන් 28ක්, බ්‍රිල්ග්‍රේඩ් වතුයායෙන් ආසාදිතයන් 08ක්,ඇන්පිල්ඩ් වතුයායෙන් ආසාදිතයන් 11ක්, ඉන්වරි වතුයායෙන් ආසාදිතයන් 4ක් වශයෙන් ආසාදිතයන් හදුනාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම ආසාදිතයන් පසුගිය දිනවලදි හදුනා ගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනාගෙන පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කල පිරිස් බවත් මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන් 51 දෙනාගේ පවුල්වල සමාජිකයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා... කෝවිඩ්19 ඉක්මණින්ම මේ රටින්ම තුරන් වී යායුතුයි.. කියා දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරමු..