(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ බැංගලෝර් නුවර අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 124 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (28) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 1172 දරන මෙම ගුවන් යානය අද උදෑසන 9.10 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්ව ගියේය.
මෙම ගුවන් යානයෙහි කිසිදු ගුවන් මගියෙකු ගමන් නොගත් අතර ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය 08 දෙනෙකු පමණක් එහි ගමන් ගත්හ.
ලොව පුරා ගුවන් ගමන් අත්හිටුවා ගුවන් තොටුපළවල් වසා දමා ඇති තත්වය යටතේ ශ්‍රී ලන්කන් ගුවන් යානය තම ආපසු ගමන සඳහා ද අවශ්‍ය වන ආහාර පාන මෙන්ම ඉන්ධන ද කටුනායක ගුවන් තොටුපළේ සිට රැගෙන යෑම සිදු කර තිබේ.
මෙම ගුවන් යානය පෙරවරු 10.30 ට බැංගලෝර් වෙත ළගා වීමට නියමිත අතර එය දහවල් 12.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බැංගලෝර් නුවර සිටින ලාංකික සිසුන් රැගෙන ඒමට ගුවන් යානයක් පිටත් වෙයි