IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බෝගම්බර රැඳවියෝ මුහුණු ආවරණ මසති

( චමිල්  රූපසිංහ)
 
කෝවිඩ් 19 ගෝලිය වංසංගතවක් බවට පත් වි ඇති අවස්ථාවක කොරෝනා  රෝග තත්වයට මුහුණ  දිමට අවශ්‍ය මුඛ ආවරණ නිපදවිම සදහා පල්ලේකැළේ බෝගම්බර බන්ධානාගාරයේ කාන්තා හා පිරිමි නේවාසික රැදවියන් ඉදිරිපත් වි ඇත.

 
ඔවුන් විසින් නිම කරණ ලද මුහුණ ආවරණ 10,000 ක් මුලික වටයේදි සිය ජිවිතය අවදානමට ලක් කරමින් මෙම වයිරසය වැලැක්විම සදහා ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයට මෙන්ම , නේවාසික රෝගින්ට ලබා දිමට කටයුතු  කෙරිණි.
 
මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ සමන් රත්නායක මහතාගේ සම්බින්ධිකරණයෙන්  මෙම  කටයුතු කරනු ලබයි.
 
බන්ධනාගාර රැදවියන්  විසින් නිපදවනු ලබන මුහුණු ආවරණ බෝගම්බර බන්ධානාගාරයේ අනුබද්ධ සිරි මැදිරි වන ගම්පල මාතලේ හැටන් යන සිර මැදිරි වල සියලුම නිලධාරින් සදහා මුහුණු ආවරණ 2500 ක් ලබා දිම මුලික අරමුණ වි ඇත.
 
ඉන් අනතුරුව රටටම අවශ්‍ය හිග මුහුණු  ආවරණ නිපදවිම සදහා බන්ධානාගාරයේ රැදවියන් ඉතාම කැමත්තෙන් සිටිනු ලබන බවත්  මේ සදහා බන්ධානාගාර කොමසාරිස් ජෙනරාල් ටී.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතාගේ උපදේශකත්වයෙන් හා බෝගම්බර බන්ධානාගාරයේ ජ්‍යෙෂ්ඨ අධිකාරී ආර්.එම්. සෙනරත් බංඩාර මහතාගේ මග පෙන්වීම යටතේ කටයුතු කරනු ලබන බවත් බන්ධානාගායේ ජ්‍යෙෂ්ඨ අධිකාරී සෙනරත් බංඩාර මහතා පැවැසිය.
 
මේ අතර බෝගම්බර බන්ධනාගාරයේ නේවාසික ගිහි පිරිත් කණ්ඩායම විසින් රටට හා ලොකයේ සියලුම ජනතාවට සෙත් පතා බන්ධානාගාර ආයතනයේ විහාරස්ථානයේ දි සියලුම දින වලදි අඛණ්ඩව සෙත් පිරිත් හා රතන සුත්‍රය සඡ්ඣායනා කිරිමේ වැඩ සටහනක්ද ක්‍රියාත්මක වෙමින් පවති.

 



අදහස් (6)

බෝගම්බර රැඳවියෝ මුහුණු ආවරණ මසති

ලක්වැසියා Thursday, 26 March 2020 04:57 AM

ජීවිතයේ යම් අවස්තාවක වැරදුනත්, ඇසුවන්ගේ සිත සනසන මෙවන් යහපත් ක්‍රියාවන් සඳහා කැපවී ක්‍රියා කරන ඔබ සියලු දෙනාට නිරෝගී බව පිරුන යහපත් අනාගතයක්ම වේවා ...!!!

:       0       37

sarath Thursday, 26 March 2020 06:23 AM

සිරකරුවෝද මිනිසුන්ය. ඒ අයටද අනුන් ගැන උණු‌වෙන හදවතක් ඇති බවට මෙය හොදම නිදසුනකි.

:       0       13

anula Thursday, 26 March 2020 06:50 AM

තෙරුවන් සරණයි...!!!

:       0       13

Rohan Thursday, 26 March 2020 06:52 AM

ඉතාම හොදයි අගයකල යුතුයි. නමුත් මෙම රෙදි මුහුණු ආවරණ තුළින් විසබීජ ගමන් කරයි. මේ සදහා සුදුසු මුහුණු ආවරණ වන්නේ N95 සහ සුර්ගිචාල් මුහුණු ආවරණයි.

:       0       59

මාලා මංගලිකා Thursday, 26 March 2020 07:45 AM

මේ ගොල්ලන්ගේ මුහුණු පෙන්නන්න එපා; පවු.

:       0       0

නාලක Thursday, 26 March 2020 08:16 AM

හැමෝම මුහුනු ආවරණ බෙදන එක දැන් වසංගත-මොස්තරයක් වුනා! - ‍දේශපාලකයෝ මෙය පටන්ගත්ත, මේවා මේ ආකාරයෙන් බෙදිමද බරපතල වැරද්දකි. වෛද්‍ය මතයට අනුව මේ වෙලාවේ මෙය ජාතික අවශ්‍යතාවයක් නොවන අතර එය අවශ්‍ය වන්නේ එක්තරා සෞඛයමය/වෛද්‍යමය උපදෙස් යටතේයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 87 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 884 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site