( චමිල් රූපසිංහ)
කෝවිඩ් 19 ගෝලිය වංසංගතවක් බවට පත් වි ඇති අවස්ථාවක කොරෝනා රෝග තත්වයට මුහුණ දිමට අවශ්‍ය මුඛ ආවරණ නිපදවිම සදහා පල්ලේකැළේ බෝගම්බර බන්ධානාගාරයේ කාන්තා හා පිරිමි නේවාසික රැදවියන් ඉදිරිපත් වි ඇත.
ඔවුන් විසින් නිම කරණ ලද මුහුණ ආවරණ 10,000 ක් මුලික වටයේදි සිය ජිවිතය අවදානමට ලක් කරමින් මෙම වයිරසය වැලැක්විම සදහා ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයට මෙන්ම , නේවාසික රෝගින්ට ලබා දිමට කටයුතු කෙරිණි.
මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ සමන් රත්නායක මහතාගේ සම්බින්ධිකරණයෙන් මෙම කටයුතු කරනු ලබයි.
බන්ධනාගාර රැදවියන් විසින් නිපදවනු ලබන මුහුණු ආවරණ බෝගම්බර බන්ධානාගාරයේ අනුබද්ධ සිරි මැදිරි වන ගම්පල මාතලේ හැටන් යන සිර මැදිරි වල සියලුම නිලධාරින් සදහා මුහුණු ආවරණ 2500 ක් ලබා දිම මුලික අරමුණ වි ඇත.
ඉන් අනතුරුව රටටම අවශ්‍ය හිග මුහුණු ආවරණ නිපදවිම සදහා බන්ධානාගාරයේ රැදවියන් ඉතාම කැමත්තෙන් සිටිනු ලබන බවත් මේ සදහා බන්ධානාගාර කොමසාරිස් ජෙනරාල් ටී.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතාගේ උපදේශකත්වයෙන් හා බෝගම්බර බන්ධානාගාරයේ ජ්‍යෙෂ්ඨ අධිකාරී ආර්.එම්. සෙනරත් බංඩාර මහතාගේ මග පෙන්වීම යටතේ කටයුතු කරනු ලබන බවත් බන්ධානාගායේ ජ්‍යෙෂ්ඨ අධිකාරී සෙනරත් බංඩාර මහතා පැවැසිය.
මේ අතර බෝගම්බර බන්ධනාගාරයේ නේවාසික ගිහි පිරිත් කණ්ඩායම විසින් රටට හා ලොකයේ සියලුම ජනතාවට සෙත් පතා බන්ධානාගාර ආයතනයේ විහාරස්ථානයේ දි සියලුම දින වලදි අඛණ්ඩව සෙත් පිරිත් හා රතන සුත්‍රය සඡ්ඣායනා කිරිමේ වැඩ සටහනක්ද ක්‍රියාත්මක වෙමින් පවති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතයේ යම් අවස්තාවක වැරදුනත්, ඇසුවන්ගේ සිත සනසන මෙවන් යහපත් ක්‍රියාවන් සඳහා කැපවී ක්‍රියා කරන ඔබ සියලු දෙනාට නිරෝගී බව පිරුන යහපත් අනාගතයක්ම වේවා ...!!!
සිරකරුවෝද මිනිසුන්ය. ඒ අයටද අනුන් ගැන උණුවෙන හදවතක් ඇති බවට මෙය හොදම නිදසුනකි.
තෙරුවන් සරණයි...!!!
ඉතාම හොදයි අගයකල යුතුයි. නමුත් මෙම රෙදි මුහුණු ආවරණ තුළින් විසබීජ ගමන් කරයි. මේ සදහා සුදුසු මුහුණු ආවරණ වන්නේ N95 සහ සුර්ගිචාල් මුහුණු ආවරණයි.
මේ ගොල්ලන්ගේ මුහුණු පෙන්නන්න එපා; පවු.
හැමෝම මුහුනු ආවරණ බෙදන එක දැන් වසංගත-මොස්තරයක් වුනා! - දේශපාලකයෝ මෙය පටන්ගත්ත, මේවා මේ ආකාරයෙන් බෙදිමද බරපතල වැරද්දකි. වෛද්‍ය මතයට අනුව මේ වෙලාවේ මෙය ජාතික අවශ්‍යතාවයක් නොවන අතර එය අවශ්‍ය වන්නේ එක්තරා සෞඛයමය/වෛද්‍යමය උපදෙස් යටතේයි.