(ක.ග.කරුණාරත්න)

කෙරෝනා රෝගීන් වැඩි පිරිසක් හමුවීම නිසා පොලොන්නරුව,කදුරුවෙල නගරයේ කොටසක් අද (06) පස්වරුවේ සිට වසා දැමීමට තීරණයකල බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය කියයි.

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.කුමාරවංශ මහතා ප්‍රකාශ කලේ අද (06) දිනයේ පමණක් කදුරුවෙල නගරයේ ප්‍රධාන පෙලේ ආපන ශාලාවක් ඇතුළු වෙළඳසැල් කිහිපයකින් කොරෝනා රෝගීන් 08 දෙනෙකු හමුවූ බවයි.ගතවූ දින කිහිපය තුල කදුරුවෙල නගරයෙන් කොරෝනා රෝගීන් 20 දෙනෙකු හමුවී ඇතැයිද ඒ මහතා කීය. මේ හේතුවෙන් කදුරුවෙල ප්‍රධාන වීදියේ අතරමැදි කොටස මෙසේ තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවද කීය.

දැනට හඳුනාගෙන ඇති රෝගීන් සියලුම දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකර ඇතැයිද වෛද්‍ය කුමාරවංශ මහතා ප්‍රකාශ කලේය.