IMG-LOGO

පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් අයෙක් අයි.ඩි.එච් යවයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීමේන් පසුව (03) රාත්‍රී අයි.ඩී.එච් රෝහල වෙත යැවූ බව පුත්තලම 143 වන බල සේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතා පැවසීය.

මෙසේ කොරෝනා ආසාදනය වී ඇත්තේ 33 හැවිරිදි කාන්තාවකටය.

අදාල කාන්තාවගේ සැමියාද කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ වීමේන් පසුව 31 වැනිදින අයි.ඩී.එච්  රෝහල වෙත යැවූ 10 දෙනා අතර සිටින බව බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතා සඳහන් කළේය.

අදාල පුද්ගලයාද ඉන්දුනිසියාව හා තවත් රටවලට සංචාරයට ගොස් ඇති බවත් මොහු පුත්තලම කඩුමයන්කුලම් ප්‍රදේශයේදී පසුගිය 26 දින හමුවු පලමු ආසාදිතයා සමඟ ඉන්දුනිසියා සංචාරයට එක්වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම කාන්තාව පුත්තලම මුලික රෝහලේ ගිලන් රථයකින් යුද හමුදා ආරක්ෂාව සහිතව අයි.ඩී.එච් රෝහල වෙත යැවීමට කටයුතු කළ බව බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 



අදහස් (0)

පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් අයෙක් අයි.ඩි.එච් යවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site