
(ජමීලා හුසේන්)
කොවිඩ් 19 අසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ වලට යෙමුවන්න‘යි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම ආයාචනය කරයි. පාර්ලිමේන්තුවේ මෙතෙක් සිදුකළ පීසීආර් පරීක්ෂණ සඳහා සහභාගි වී ඇත්තේ ආණ්ඩු පක්ෂ සහ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු 90 දෙනෙක් පමණ බවද වාර්තා වේ.
පසුගිය දිනවල පාර්ලිමේන්තුවෙන් කොවිඩ් -19 ආසාදිතයින් 4 දෙනකු හඳුනාගැනීමෙන් පසු පාර්ලිමේන්තුව තුළ පීසීආර් පරික්ෂණ සිදුකිරිමට තීරණය කරන ලදි. එහෙත් නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇති පරිදි අද (26) වන විට පාර්ලිමේන්තු පොකුරෙන් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙම කරුණ හේතුවෙන් කතානායකවරයා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ පී.සී.ආර්. පරීක්ෂණ කරගනිමින් වයිරසය පැතිර යාම හැකි තරම් පාලනය කරගන්නා ලෙසයි. එහෙත් නියමිත ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ වෙනුවෙන් ඉදිරිපත් වීම ඉතා පහළ මට්ටමක පවතින බවයි.
වයිරසය අසාදනය වූ මන්ත්‍රීවරුන් සමගින් ආශ්‍රය කළ සෙසු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම තමන්ටත් වයිරසය අසාදනය වී ඇතැයි දැනටමත් බියවී සිටින බවද වාර්තා වේ.
මේ වන විට පාර්ලිමේන්තුව තුළ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ නීතිරිතී වලට ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරමින් අත්‍යවශ්‍ය කැබිනට් පත්‍රිකා පමණක් ඉදිරිපත් කිරීමට
කතානායකවරයා තීරණය කර ඇති බවද දැනගන්නට තිබේ. වයිරසයේ පැතිරීම පාලනය කරගන්නා තුරු අනෙකුත් අත්‍යවශ්‍ය නොවන කටයුතු සියල්ලම සීමා කර ඇත.
කතානායකවරයාද මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථානවලට යාම සීමා කර ඇති අතර පොදු කටයුතුවලට සහභාගී නොවන මෙන් අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත. කොරෝන වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාර්ලිමේන්තුව රැස්වන්නේ සතියට දින දෙකක් පමණි.
ඊයේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී තිබිණ. එහෙත් දයාසිරි ජයසේකර සහ වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරු මේ වන විට පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටත්ව ගොස් සිටිති.
කොරෝනා වයිරසය අසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
දයාසිරි ජයසේකර මහතා
වාසුදේව නානායක්කාර මහතා
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය
පියල් නිශාන්ත මහතා
රවුෆ් හකීම් මහතා
වසන්ත යාපා බණ්ඩාර මහතා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේතුව ඉතාමත්ම සරලයි. මේ තඩියන් හිතාගෙන සිටින්නේ මේ පරීක්ෂා කරන්නේ හෙරොයින් හෝ වෙනත් කුඩු පානය කර ඇත්ද බැලීමට බව නොවේද? එබැවින් ඒ ඒ අය මෙම පරීක්ෂණය මගහැරීම සිදුවිය හැකියි...
අම්බරුවෝ ඔහොම තමයි.
අටලුගම ජනතාවට එක නීතියක්... මේ අයට වෙන නීතියක්... නීති හදන්නන්, නීති කඩන්නන් බවට පත්වූ රටක නීති දෙකක්ද ජනපතිතුමනි...?
එක රටක්... නීති දෙකක්.
බයවෙන්න එපා... මේක මීටරයක් ළඟින් හිටියත් හැදෙන එකක්. ඔයාලා බයවෙන්න එපා..
ඔන්න කුර රෝගයක් පැතිරෙනවා කිව්වොත් ගෙන්නගත හැකිවෙයි.
ඔවුන් ජනාධිපතිව අනුගමනය කරනවා වගේ...
මේ වගේ අයද පාර්ලිමේන්තුවේ ඉන්නේ...!!! සාමාන්‍ය ජනතාව හැංගෙන එක අහන්න දෙයක්ද? මේ ගොල්ලන්ගෙන් මොනවද ජනතාවට බලාපොරොත්තු වෙන්න පුළුවන්..?
බොහෝම සරලයි. පීසීආර් නැතිනම් පාර්ලිමේන්තුවට ඇතුල්වීම තහනම් කරන්න. කතානායකතුමාට පුළුවන්නේ මේක කරන්න... එතුමානේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා.
අර උදේ ඉඳන් රෑ වෙනකම් ටීවී එකේ කතා කරන ‘‘පොලිස් නිලධාරියා‘‘ කියනවා නේද කෝවිඩ් වළකන නීති උල්ලංඝනය කරන අයට විරුද්ධව දැඩි නීති කියලා... මෙයාලට ඒවා නැද්ද දන්නේ නැහැ?