
(ඉන්දිකා රාමනායක)
73 වැනි නිදහස් සමරුම් උත්සවයට සහභාගි වී සිටි වැල්ලම්පිටිය වෙන්නවත්ත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කඳවුරේ භටයන් 8 දෙනෙකු ද කොවිඩ් ආසාදිතයන් වශයෙන් අද (8) හදුනාගත් බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසයි.
භටයන් 13 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීමෙන් පසු මොවුන් 8 දෙනා ආසාදිතයන් වශයෙන් හදුනාගත් බවද සෞඛ්‍ය අංශ පවසයි.
නිදහස් සැමරුම් උත්සවය සහභාගී වු සිවිල් ආරක්ෂක භටයන් ගෙන් පිරිසකට කොරෝනා ආසාදිත වී ඇති බවට වාර්තා වීමත් සමඟ වෙන්නවත්ත කඳවුරෙන් ඒ සදහා සහභාගි වු මෙම පිරිස සැකය මත පී.සී.ආර්. පරීක්ෂණය සිදුකළ බවත් ඒ අනුව මෙම හදුනාගෙන ඇත.
මෙම ආසාදිතයන් පිරිස ඊයේ පස්වරුවේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිත බවද සෞඛ්‍ය අංශ කියයි.
මේ අතර ගත වු දින තුන තුළ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් 72 ක් හදුනාගත් බවද එම ආරංචි මාර්ග කියයි.
අහඹු ලෙස හදුනාගත් 578 දෙනෙක්ට සිදුකළ පී සී ආර් පරීක්ෂණයේ මෙම පිරිස හදුනාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බවුණු නිදහසකුත් නැතිව මේ අය නටන්න අැවිල්ලා කොරෝනාත් හදාගෙන. මේවට වගකියන්න ඕනේ මේ අයව නටවලා කොරෝනා හදවපු අදූරදර්ශී පාලකයින්. කියන්නේ නම් 'මන් කළා වගේ කවුරුත් කරන්නේ නෑ' කියලා. ඒක නම් පේනවා.