IMG-LOGO

නිදහස් උළෙලට ආ වැල්ලම්පිටිය සිවිල් ආරක්ෂක කඳවුරේ 8 කට කොරෝනා

 

(ඉන්දිකා රාමනායක)
 
73 වැනි නිදහස් සමරුම් උත්සවයට සහභාගි වී සිටි වැල්ලම්පිටිය වෙන්නවත්ත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කඳවුරේ භටයන් 8 දෙනෙකු ද කොවිඩ් ආසාදිතයන් වශයෙන්  අද (8) හදුනාගත් බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසයි.

භටයන් 13 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීමෙන් පසු මොවුන් 8 දෙනා ආසාදිතයන් වශයෙන් හදුනාගත් බවද සෞඛ්‍ය අංශ පවසයි.
 
නිදහස් සැමරුම් උත්සවය සහභාගී වු  සිවිල් ආරක්ෂක භටයන් ගෙන් පිරිසකට කොරෝනා ආසාදිත වී ඇති බවට වාර්තා වීමත් සමඟ වෙන්නවත්ත කඳවුරෙන් ඒ සදහා සහභාගි වු මෙම පිරිස සැකය මත පී.සී.ආර්. පරීක්ෂණය සිදුකළ බවත් ඒ අනුව මෙම හදුනාගෙන ඇත.
 
මෙම ආසාදිතයන් පිරිස ඊයේ පස්වරුවේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිත බවද සෞඛ්‍ය අංශ  කියයි.
 
මේ අතර ගත වු දින තුන තුළ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් 72 ක් හදුනාගත් බවද එම ආරංචි මාර්ග කියයි.
 
අහඹු ලෙස හදුනාගත් 578 දෙනෙක්ට සිදුකළ පී සී ආර් පරීක්ෂණයේ මෙම පිරිස හදුනාගෙන ඇත.



අදහස් (1)

නිදහස් උළෙලට ආ වැල්ලම්පිටිය සිවිල් ආරක්ෂක කඳවුරේ 8 කට කොරෝනා

පිටිගල මිලානෝ Monday, 08 February 2021 04:45 PM

හම්බවුණු නිදහසකුත් නැතිව මේ අය නටන්න අැවිල්ලා කොරෝනාත් හදාගෙන. මේවට වගකියන්න ඕනේ මේ අයව නටවලා කොරෝනා හදවපු අදූරදර්ශී පාලකයින්. කියන්නේ නම් 'මන් කළා වගේ කවුරුත් කරන්නේ නෑ' කියලා. ඒක නම් පේනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site