IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


දින 18ක බිළිඳකු කොරෝනාවට බිලි

(ටෝනි කරුණානායක)

මිනුවන්ගොඩ පීල්ලවත්ත ප්‍රදේශයේ දින 18 ක් වයසැති බිළිඳකු කොවිඩ් ආසාදිත වීමෙන් මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .

උපතින්ම ආබාධිත තත්ත්වයේ පසුවූ බිලිදා මීගමුව  රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී 18 වෙනිදා මිය ගොස් ඇති බවත් පසුව සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී බිළිඳාට කොවිඩ් බවට තහවුරු වූ බව ද සෞඛ්‍ය අංශ කියයි.

මියගිය බිළිඳාගේ මව සහ පියා ව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කළ බවත් එම පරීක්ෂණයෙන් ඔවුන් දෙදෙනා ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි .

මියගිය බිළිඳාගේ මව පියා ඇතුළු පවුලේ උදවිය නිවෙස තුළම අද (19 වෙනිදා) නිරෝධායනයට යොමු කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති .

 



අදහස් (1)

දින 18ක බිළිඳකු කොරෝනාවට බිලි

Perera Sunday, 20 June 2021 07:02 AM

කෝකටත් තෛලය කොරෝනා..!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 127 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 76 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site