ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා
දකුණු පළාත තුළ අද (30) වන විට 2173 ක් ස්වයං නිරෝධායනය ට ලක් වී සිටින බවත් ස්වයං නිරෝධායනය අවසන් කළ පිරිස 1816 ක් බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසීය.
මෙයින් ගාල්ල දිස්ත්‍රික්කයේ 1193 ක් මාතර 445 ක් හම්බන්තොට 535 ක් නිරෝධානයට ලක් ව ඇති බව පැවසූ වෛද්‍ය සිරිතුංග නිරෝධායන අවසන් කළ පිරිසෙන් 734 ක් වූ වැඩිම පිරිස ගාල්ලෙන් ද මාතරින් 710 ක් ද, හම්බන්තොටින් 372 ක් ද වූ බව කීය.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා මේ බව පැවසූයේ අද දින (30) දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd