IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


තවත් විදේශීකයන් 101 ක් නිරෝධායනයට දියතලාව හමුදා කඳවුරට

(ඩී.කේ.රත්න )

කොරියාව සහ ඉතාලියේ සිට පැමිණි තවත් දේශීය මගීන් 101 දෙනෙකු නිරෝධායන කටයුතු වෙනුවෙන් අද (13) දියතලාවට රැගෙවිත් දියතලාව යුද හමුදා කඳවුරේ නිරෝධායන කඳවුරට ඇතුළත් කර ඇතැයි දියතලාව පොලීසිය පවසයි.

ශ්‍රී ලාංකිකයින් 101 දෙනෙකු මෙසේ රැගෙනවිත් ඇති අතර මෙම පිරිස දියතලාව යුද හමුදා කඳවුරේ ගැමුණු හේවා බළකායට අයත් නිරෝධායන කඳවුරට ඇතුළත් කර තිබේ.

මේ වන විට දියතලාවට රැගෙන ආ සම්පූර්ණ පිරිස 345 කි. මින් 38 දෙනෙකු දියතලාව යුද හමුදා කදවුරේ නිරෝධායන කඳවුරට ද තවත් 206 දෙනෙකු දියතලාව පැරණි ලටෙක් ඉංජිනේරු වැඩබිමෙහි නිරෝධායන කඳවුරට සහ ඉතිරි 101 දෙනා දියතලාව යුද හමුදා කඳවුරේ ගැමුණු හේවා බළකායට අයත් නිරෝධායන කඳවුරට ද ඇතුලත් කර ඇත.

මෙම පිරිස දින 14 ක නිරෝධායක කටයුතු වෙනුවෙන් මෙම කදවුරුවලට ඇතුළත් කර තිබේ.



අදහස් (5)

තවත් විදේශීකයන් 101 ක් නිරෝධායනයට දියතලාව හමුදා කඳවුරට

siri Friday, 13 March 2020 09:43 AM

චීනයේ සිට එන කිසිකෙනෙක් පරීක්ෂා කරන්න අවසර නැද්ද? මම දැක්කා කවුදෝ කියලා තියෙනවා ඒ ගොල්ලෝ එන්නේ ඒ ගොල්ලන්ගේ රටට අයිති ඉඩම් වලට යන්න කියලා... ඇත්තද මන්දා...!!!

:       231       112

de silva Friday, 13 March 2020 10:04 AM

කරුණාකර චීනයද ඇතුළුව කොරෝනා විශාල වශයෙන් පැතිරුණු සහ දැනට පැතිරෙන සියලුම රටවලින් එන පුද්ගලයන් නිරෝධනයට ලක් කරන්න. ඉදිරි සති දෙක තුන තුළ ලංකාවට එන සංචාරකයින් සංඛ්‍යාව අනිවාර්යයෙන් පහළ වැටෙන නිසා සමහර සංචාරක හෝටල් මේ නිරෝධන මධ්‍යස්ථාන ලෙස යොදාගන්න පුළුවන්... එතකොට මුදල් තිබෙන සංචාරකයින්ට, මේ නිරෝධන මධ්‍යස්ථාන ලෙස අනුමත කළ සංචාරක හෝටල් වල සතිදෙකක මුදල් ගෙවා නැවතී සිට, ඉතුරු කාලය ලංකාවේ වෙන කොහේ හරි සංචාරය කරන්න පුළුවන්... එතකොට සංචාරක හෝටල් සහ ඒ ආශ්‍රිතව ඇති රැකියා වලටද විශාල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මුදල් ගෙවන්න අකමැති කෙනෙකුට සාමාන්‍ය නිරෝධන මධ්‍යස්ථාන භාවිත කරන්න පුළුවන්...

:       0       7

cha Friday, 13 March 2020 10:05 AM

චීනය කොරෝනා පාලනය කරලා හින්දා දැන් ඇඟ ඇතුලේ වෛරසය තියෙන කෙනෙක් ලංකාවට ආවත් කමක් නැතිලු. ඒ වගේම ඉතාලියේ, කොරියාවේ තාම ලෙඩේ පාලනය කරලා නැති හින්දා ඇඟඇතුලේ වෛරසය නැති කෙනෙක් ආවත් නිරෝධායනයට යන්න ඕනෑලු. එ්කතමයි වර්තමාන ලංකාවේ ප්‍රතිපත්තිය. චීනයේ සැබෑ තත්වය ලෝකයට අනාවරණය කරන්නේ නැහැ. ඔවුන් රටට හානියක් වෙන පුවත් ලෝකයට බෙදා හරින්නේ නැහැ. ඒ සඳහා දැඩි පියවර ගන්න රටක් තමයි චීනය... ඒක අපේ රටේ මිනිස්සු නොදන්නවා වගේ ඉන්න ඒක හරි පුදුමයි...

:       0       12

Bimal Friday, 13 March 2020 10:07 AM

මූලබීජය චීනයේ.. හැබැයි ඒ රටෙන් එන අයට තහනමක් පනවා නෑ. මේ දේවල් තේරුම් ගන්න කොයි ඉස්කෝලෙකට යන්න වෙයිද මන්දා..?

:       80       12

පිටිගල මිලානෝ Friday, 13 March 2020 10:55 AM

චීන අයව ආණ්ඩුව නිරෝධායනයට ලක් කරන්නේ නැත්නම් තමන්ගේ ගම් පළාතට, කඩේට හෝටලේකට වද්දා ගන්න එපා. චීනෙක් දැක්ක තැන පන එපා කියලා දුවන්න.

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 294 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 816 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1233 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site