IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තව සතියක් රට වහයි

(අජන්ත කුමාර අගලකඩ සහ සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පැනවුණු නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.

මේ අනුව නිරෝධායන ඇඳිරි නීතිය යළි ලිහිල් කෙරෙන්නේ ලබන 6 වැනිදා සඳුදා අලුයම 4.00ටය.

මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදීය.

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රට පුරා නිරෝධායන ඇඳිරිනීතිය පසුගිය 20 වැනිදා රාත්‍රී 10:00 සිට පණවනු ලැබීය.

 



අදහස් (22)

තව සතියක් රට වහයි

nadun Friday, 27 August 2021 01:25 PM

මේක නම් පුදුම කරුමයක්...!!!

:       15       26

ජයතුපාලFriday, 27 August 2021 02:59 PM

ඉවසන්න නඳුන්... මේ පටන් ගත්තා විතරයි ...

:       2       15

මහසෙන් Friday, 27 August 2021 01:29 PM

මින් නියමාකාර ලෙස ප්‍රතිලාභ ලබන්නට නම් අර 2/3 ගන්නකම් රට වැහුවේ දැඩි රෙගුලාසි මැද... එහෙමවත් කරන්න වෙයි. ත්‍රිවිධ හමුදා සහාය ගෙන නීති දැඩි කරන්න. අත්‍යාවශ්‍ය සේවා යයි කියන අත්‍යාවශ්‍ය නොවන සේවා ගැන බලන්න. නැත්නම් දැන් කියයි ආර්ථිකය වලපල්ලේ කියලා... රට්ටුන්ට ඇත්ත කියන්න. අංක විජ්ජා නොපෙන්වා...

:       43       57

Sk Friday, 27 August 2021 01:52 PM

ලීසිං, ෆිනෑන්ස්කාරයෝ... ඔක්කොම මහපාරේ.. අහිංසක අපිට වැඩක් කරගන්නත් නෑ. අපි අනාථයි.

:       8       43

rohitha Friday, 27 August 2021 02:03 PM

ගෝඨාභය කිව්වා නේද රට වහන්නේ නැහැ කියලා..? මොන දැනීමක් නිසා දේශපාලනයට ආවාද මන්දා?

:       57       40

chandimaSaturday, 28 August 2021 06:28 AM

ඒක මාර කතාවක්නේ..? මොකද අනිත් අය සැප විඳලා ආපු අයද? සමහරු 5 පාස්... සමහරු පිටරට විශ්ව විද්‍යාලේ ගියා කියලා හොර සහතික ගහගෙන ඇවිත්.. තවත් සමහරු පරම්පරාවෙන්... තාත්තගෙන් පුතාට. ඔක්කොම එකයි.

:       1       13

අබිලින් Friday, 27 August 2021 02:17 PM

දැන්නම් අපේ ගෙදර කෑමට කිසිම එළවළුවක් නැහැ ඩිලිවරි එන්නෙත් නැහැ ගෙවත්තේ තිබුණ ඒවත් ඉවරයි

:       5       23

PrabaFriday, 27 August 2021 06:25 PM

කොයි පළාතේද මේ? ගොඩක් පැතිවල එළවළු කඩවල් ඇරලා... ඇඳිරි නීතිය නමට විතරයිද මන්දා?

:       27       14

lakmal Friday, 27 August 2021 02:23 PM

මාසේ පඩි ගන්න උදවියගෙන් ගානක් කපන්න.අඩුම ගානේ 2019 අඩු කරපු බද්ද හරි වැඩි කරන්න

:       9       41

ruwan Friday, 27 August 2021 02:41 PM

දැන් නම් වහගෙන හිටියා හොඳටම ඇති. අඩුම ගානේ එන්නත් දෙකම ගත්ත අයටවත් එළියට යන්න දෙන්න...

:       9       36

ධනපාල Friday, 27 August 2021 02:54 PM

කොච්චර නෑ කිව්වත් මේ රටේ මිනිස්සු ළඟ සල්ලි තියෙනවා... අවුරුදු කිහිපයක් වුණත් එක දිගටම රට වහලා තිබ්බත් කමක් නෑ. හෙට ඇඳිරිය ඉවත් කළොත් පුලුවන් බැංකු ගාව තියෙන පෝලිම් බලාගන්න...

:       36       15

Prabha Friday, 27 August 2021 05:43 PM

බැංකුවට යන්නේ සල්ලි ගන්නම විතරක් නෙවෙයි උගස් තියනනත් යනවා

:       0       20

සිරිසමන් Friday, 27 August 2021 06:22 PM

ධනපාල කියන දේ හරි... මම දන්න නිවසක් තියෙනවා ඒ ගෙදර ඉන්නේ පියා, මව, පුතා, පුතාගේ බිරිඳ හා දරුවන්... පුතා ඉහළ වැටුපක් ගෙවන මණ්ඩලයක සේවය කරද්දී පුතාගේ බිරිඳ රාජ්‍ය සේවයේ නිලධාරිනියක්... මේ ගෙදර එක බත් මුට්ටියක් උයා කෑවත් ඡන්ද ලේඛන දෙකක් එහෙම කරලා තියෙන්නේ 5000 හෝ 2000 ගන්න.. මේ පියා මීට පෙර 5000 ගත්තා.. මෙවර 2000 නැතුව හවසට කාලක්‍රියා (බොන්න) කරගන්න බැරුව හරි දුකෙන් ඉන්නවා...

:       0       7

Swarna Friday, 27 August 2021 02:54 PM

නිරෝධායනය කියන්නේ මොකක්ද? එහි තේරුමවත් දන්නේ නැහැ... අපේ රටේ ජනතාව. දවස ගානේම බැලුවොත් වාහනවලින් පාර පිරිලා. අපේ අය තේරුම් ගැනීම හරිම අඩුයි. කාට කියන්නද?..

:       1       25

ඇම්. පතිරණ Friday, 27 August 2021 02:57 PM

නව මුදල් ඇමැතිතුමන් අපට විශ්වාසයි. අපව මේ ආර්ථික අර්බුදයෙන් ගලවාගනු මැන මැතිඳුනි !

:       30       6

ගමේ එකාලාFriday, 27 August 2021 05:05 PM

බලාගෙන හිටු. කවදාහරි ආර්තිකයම හූරගෙන අන්තරස්දාන වෙයි.

:       21       22

සමිත සේනක අලුත්ගමගේ. Friday, 27 August 2021 02:59 PM

රට වහනවට අපිත් කැමති නැහැ . ඒත්,මේ පුංචි රටේ දිනකට වසංගතයක් නිසා මිනිස් ජීවිත මෙසේ අහිමිවීම සිදුවෙන විට,රට නොවසා බැහැ.රට වැසුවත්,ඇතැම් මිනිසුන් එයින් නිසි පරිදි රෝග ව්‍යාප්තියට විරුද්ධව වැඩ කරන බවක් නොපෙනේ.කෙසේ හෝ මේ වසංගතයෙන් අපේ රටේ ජනතාව බේරාගත යුතුයි.මිනිසුන්ගෙන් තොර රටක් හෝ ආර්ථිකයක් ගැන සිතීමට බැහැ.අප මේ ගෙවන්නේ ඉතාමත් දුක්ඛිත කාලපරිච්ඡේදය කි.

:       62       26

siri Friday, 27 August 2021 02:59 PM

මේක පුදුම වැහිල්ලක්. මහ පාරේ වාහන පිරිලා. පොළවල් ඇරලා සූ ගාල සෙනඟ.

:       46       25

විසඳුම Friday, 27 August 2021 03:09 PM

ගෝල්ෆේස් එකේ කොහොඹ කංකාරිය නැටුව නම් මේ සේරම දුරු වෙලා යනවා. අළුත් ආණ්ඩුවේ මැති ඇමැතිලා දිහා ලොවම ඉරිසියාවෙන් බලන් උන්නෙ. ඒ නිසා ඇස්වහ කටවහ වැදුනා මුළු රටටම..

:       38       19

wimal Friday, 27 August 2021 04:34 PM

මේ කමිටුවල ඉනන අයට පුදුම හදවත් තියෙන්නේ.මිනිසුන්ට රුපියල් 2000 ක් දෙනවා කමිටුවේ ඉන්නේ කන බොන මිනිසු වෙයිද

:       28       8

විපරමා Friday, 27 August 2021 07:55 PM

ආර්තික ඔස්තාර් කිව්වා වගේ 2500 ගානේ දුන්නානම් මාසෙකට ඇති. වැඩෙත් ගොඩ?

:       10       6

Sisira Friday, 27 August 2021 08:25 PM

අපි ගෙදර... දවසෙ පඩියත් නෑ... පුදුම රට වැහිල්ලක්නේ මේක...

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31319 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13529 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site