(අනීෂා මානගේ)
තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොවිඩ් - 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු 12 දෙනකු සහ වෙළෙදසැල් දෙකක හිමිකරුවන් අද (12) නිරෝධායනය කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පවසයි.
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කරන තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි අද (12) අනාවරණය වූ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
මෙම පුද්ගලයා ඉකුත් 5 වැනිදා නිවාඩු ලබා තංගල්ල නිවෙසට පැමිණ දින කිහිපයක් තංගල්ල නගරයේ සංචාරය කර ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම පුද්ගලයාගේ නිවැසියන් 7දෙනකු, අසල නිවෙසක 5 දෙනකු සහ මොහු ගමන් කළ බවට හඳුනාගත් වෙළෙදසැල් දෙකක හිමිකරුවන් දෙදෙනකු මෙලෙස නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබිණි.
මොහු තංගල්ල ධීවර වරායට, තංගල්ල නගරයේ වෙළෙදසැල් හතරකට, සුපිරි වෙළෙද සංකීර්ණයකට සහ ස්වංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් වෙත ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වූ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා කීය.
ඒ අනුව තවදුරටත් මෙම ස්ථාන වෙත ගමන් කළ පුද්ගලයන් සොයා ඉදිරියේදී නිරෝධායනය කිරීමට පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු, ගංජා බොන්නන්, පුනරුත්ථාපනය කිරීමේ දී ඉන්දියාව හරහා මේ වෛරසය ඔවුන්හට පැමිණෙන්නට ඇතැයි සිතීමට පුළුවන් නේද ..? කේරළ ගංජා පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් හැටි අපට මතකයි. මේ ගංජා සමග වෛරසය පැමිණියා වෙන්නට පුළුවන් නේද... ? මේ ගැන එතරම් උනන්දුවක් නොදැක් වූ නිසා වෛරසය සමාජගත වුණා නොවේද .. ? දැන් ඉතින් නිරෝධායන නීති හරිහැටි ක්රියාවේ යොදවා ජනතාව ආරක්ෂා කරගැනීමට සියලු කටයුතු සකස් කිරීම ඉතා වැදගත් ....
නිරෝධායනය විතරක් කරලා මදි.. පී.සී.ආර්. පරීක්ෂණ කළ යුතුයි. වයිරසය ශරීරයේ තිබුණත් රෝගලක්ෂණ පෙන්නුම් නොකළහොත් එම පුද්ගලයා නැවත සමාජගත වීමේදී අවදානම් තත්වයක් ඇතිවෙනවා.