(අනීෂා මානගේ)
චීනයෙන් ආනයනය කරන ලද මැදිරි 8 බලවේග කට්ටල දුම්රියක් අද පරීක්ෂණ චාරිකාවක් සඳහා බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණියේය.
එස් -14 වර්ගයේ මෙම දුම්රිය වායු සමීකරණය කරන ලද පළමු පන්තියේ මැදිරි දෙකක්, දෙවැනි පන්තියේ මැදිරි දෙකක්, තුන්වැනි පන්තියේ මැදිරි තුනක්, භෝජනාගාර මැදිරියක් සහ එන්ජින් දෙකකින් සමන්විතය.
මෙම දුම්රිය අද සිය පළමු පරීක්ෂණ චාරිකාව දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන අංගනයෙන් ආරම්භ කර බෙලිඅත්තට දුම්රිය ස්ථානය දක්වා පැමිණියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මලකඩ එහෙම නැති හින්ද, කිසි පෙනුමක් නැතිව අපිට පෙනෙන්නේ....
අගනා ක්‍රියාවක්... ඒත්, වෙහෙරහේන ඇතුළු පුරාන සිද්ධස්ථාන තුනකට පැමිණෙන ජනයාට එන්නට තිබු වෙහෙරහේන දුම්රිය ස්ථානය වෙනස්කොට එය කුඩා ලෙසට පත්කලා. අදාළ නිමකිරීම් වලට අවශ්‍ය පවරාගැනීම් සඳහා මුදල් ගෙවා තිබුනත්,ඒවායේ ඉදිකිරීම් කලේ නැහැ. මුදල් ලබාගත් අය තවමත් ඒවයින් ඉවත්වී නැහැ. මේනිසා මගීන් විඳිනා හිරිහැර එමටයි. ඉහත දුම්රිය ස්ථානය ප්‍රධාන දුම්රිය ස්ථානයක් බවට පත්කොට මගීන්ට සෙත සැලසීම අප්ප්රමාදව කල යුත්තකි. දුම්රිය ස්ථානයට සමගි මාවත පැත්තෙන් පිවිසීමට ඇති පාර එක්තරා අයෙකු ඉදිකිරීම් කල අයට මත්පැන් හා අල්ලස් දී මැටි හා ඉවතලන කොන්ක්‍රීට් කැබලි දමා වසා ඇත. තත්වය එසේ තිබියදී දුම්රිය ස්ථානයට ගොඩවීමට ඉතා අසීරු කෙටි උස පඩිපෙලක් සාදා ඇත. මේ පඩිපෙළෙන් වැටී අනතුරුද සිදුවී ඇත. මෙවන් විටෙක දුම්රිය වලින් ඇති ඵලය කිම?
කී දවසක් ඔය විදියට තියේවිද දන්නේ නැහැනේ...?
කෝච්චියේ නම කොරෝනා කුමාරිද? චීනයෙන් බෙලිඅත්තට නිසා...
චිනේ බැංකු වලින් ගිනි පොලියට නය අරන් මාතර බෙලි අත්ත අතර කිසිම ප්‍රමිතියකට නොමැති රේල් පාරක් හදල , පැයට කිලෝමීටර් 40ක වත් වේගයෙන් දුම්රිය ධාවනය කරන්න බැහැ. බොහෝ ස්ථාන වල දුම්රිය ගමන් කරන්නේ පාපැදියක් වේගයෙන්... මේක මහා විහිළුවක්... දේශපාලකයෝ කොමිස් ගහපු නිසා අදාල සමාගම්වලට රේල්පාරේ ප්‍රමිතිය සම්බන්ධව කිසිම බලපෑමක් කරන්නේ නැහැ ...
ඕක ඉබි ගමනින් යන නිසා ඕකට සුදුසු නම "ඉබි කුමාරි" දැන් ලෝකයේ සෑම රටකම අලුතෙන් හදන රේල් පාරවල් පැයට කිලෝමීටර් 100 යන්න පුළුවන් විදිහට හදන්නේ , මේකේ 40 ටවත් යන්න බැහැ. බෙලිඇත්තේ ඉඳන් මාතරට යන්න පැයක් පමණ ගතවෙනවා ගාට ගාට යන මේ රේල් පාරට ඔච්චර බරින් වැඩි නවීන දුම්රිය අවශ්‍ය නැහැ.