IMG-LOGO

ගම්පහ පොදු වෙළෙඳපොල වසාදමයි



(තිලකරත්න දිසානායක)

ගම්පහ පොදු වෙළඳ පොලෙහි වෙළඳුන් 58 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට ලක්කිරීමේදී ඉන් 18 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වූ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා සඳහන් කරයි.

මෙම අයහපත් තත්ත්වය මත පොදු වෙළඳ පොල වසා දැමීම සුදුසු බවට තමන් ගම්පහ නගරාධිපතිවරයා දැනුවත් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.

මේ හේතුවෙන් අද (6) සවස එම වෙළෙඳ පොල සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගත් බව ගම්පහ පුරපති එරංග සේනානායක මහතා පැවසීය.

හෙට (07) දිනයේ ගම්පහ නගරයෙහි පොදු වෙළෙඳ පොල අවට වෙළෙඳසැල් හිමිකරුවන් සහ සේවකයින්ද පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීම පිණිස ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සමග සාකච්ඡා කළ බවත් පුරපතිවරයා කීය.

 



අදහස් (0)

ගම්පහ පොදු වෙළෙඳපොල වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site