IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ගම්පහ පැත්තේ නීතිඥවරුන්ටත් අලුත්කඩේට එන්න එපා කියයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල සිට පැමිණෙන නීතීඥවරුන් ඇතුළු සියලු පාර්ශව  නඩු කටයුතු සදහා  කොළඹ අලුත්කඩේ , උපරිමාධිකරණ සංකීර්ණයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යාල පරිශ්‍රයට පැමිණීමෙන් වළකින්නැයි  ශ්‍රේෂ්ඨාධිකරණ ⁣ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
 ඒ අනුව රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ඇඳිරි නීතිය පවතින පෙදෙස් වල සිට පැමිණෙන නීතීඥවරුන් අලුතින් නඩු ⁣⁣ගොනු කිරීමට , නඩු පරිශිලනය , මෝසම් ගොනු කිරීමට , සහතික කළ පිටපත් ලබා ගැනීමට හෝ වෙනත් කටයුතු සදහා ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යාලය පරිශ්‍රයට ඇතුළුවීමෙන් වළකින්නැයි ද  ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා කියා සිටී.

එසේම අනෙකුත් විවිධ පාර්ශවද එම නඩු කටයුතු සදහා ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යාලයට නොපැමිණෙන්නැයිද හෙතෙම දන්වා සිටී.
 
මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයාගේ විශේෂ නිවේදනය උපරිමාධිකරණ සංකීර්ණයේ ඉදිරිපස ප්‍රධාන දොරටුවේ මහජනතාවට ප්‍රදර්ශනය කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යලය පියවර ගෙන ඇත.
 
 මෙය නිරෝධායන ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය දක්වා වලංගු වන බවද ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී කාර්යාලය කියා සිටී.



අදහස් (1)

ගම්පහ පැත්තේ නීතිඥවරුන්ටත් අලුත්කඩේට එන්න එපා කියයි

sharm warn Thursday, 15 October 2020 10:43 AM

ගම්පහින්, මිනුවන්ගොඩින් දෙන්නෙක් විතර යවන්නකෝ දෙයියනේ දියවන්නාවට... නිකමට වගේ... රටේ මිනිස්සු ගැන කිසිම අවබෝධයක් නැති අමනයෝ රැලක් විතරයි ඒකේ ඉන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31653 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14097 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11102 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 185 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site