ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර පිහිටි ‘මහත්මා ගාන්ධි’ගේ පිළිරුව විකෘති කිරීම මහ නින්දාවක් යැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.
අප්‍රිකානු-ඇමෙරිකානුවකු වූ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඇමෙරිකානු පොලිසියේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මිය යෑමත් සමඟ එම මරණයට විරුද්ධව පැවැති විරෝධතා අතරවාරයේදී ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ඉන්දීය තානාපති කාර්යාලයට යන මාර්ගයේ තිබෙන ‘මහත්මා ගාන්ධි’ පිළිරුවට පිරිසක් හානි කර ඇත.
ජූනි 2 වැනිදා හෝ 3 වැනිදා එය සිදු වී තිබෙන අතර ඉන්දීය තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් අදාළ ආයතනවලට පැමිණිලි කර ඇත.
‘‘එය මහ නින්දාවක්’’ ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අතරවාරයේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා සඳුඳා (8) පැවැසීය.
ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියකු වන මහත්මා ගාන්ධි අහිංසාවාදයේ පියා ලෙස ද සැලකේ.
ඇමෙරිකාවේ ඉන්දීය තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ද පැමිණිල කර ඇති අතර ඊට අමතරව තවත් අංශ කිහිපයක්ම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
ට්‍රම්ප් පරිපාලනයේ බොහෝ දෙනකු ද මෙම ක්‍රියාව හෙළා දැක තිබිණි.
‘‘ගාන්ධි පිළිරුවට හානි කර එය විකෘති කිරීම මහ ගර්හාවක්. ඒක මහ ලැජ්ජාවක්’’ යැයි නෝර්ත් කැරොලිනා ප්‍රාන්තය නියෝජනය කරන සෙනට් සභිකයකු වන ටොම් ටිලිස් පැවැසීය.
‘‘ගාන්ධිතුමා කියන්නේ සාමකාමී ලෙස විරෝධතා කිරීමේ පුරෝගාමියා. විරෝධතා කිරීමෙන් විශාල වෙනසක් කළ හැකි බව ඔහු පෙන්වා දුන්නා. කලහ කිරීමෙන්, කොල්ලකෑමෙන් සහ මිලේච්ඡ ලෙස හැසිරීමෙන් අප සියලු දෙනා එකතු කරන්න බැහැ. එහෙම එකතු වෙන්නෙත් නැහැ’’ ඔහු කීය.
ඉන්දියාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කෙනත් ජස්ටර් ද මේ සිදුවීම සම්බන්ධයෙන් සමාව අයැද තිබිණි.
එන්.ඩී.ටීවී. /රොයිටර්
055
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
‘ගාන්ධි’ පිළිරුව විකෘති කිරීම මහ නින්දාවක් බව ට්‍රම්ප් කියයි
Champa Wednesday, 10 June 2020 01:26 PM
කවුද දන්නේ නැහැ මේක කලේ. විරෝධතාකරුවන් කළා නම් පින්තූර දානවනේ.
de silva Wednesday, 10 June 2020 01:43 PM
ගාන්ධිගේ ක්‍රමයට අවිහිංසාවාදී විරෝධතා කරන්න ඇමෙරිකන්කාරයන් අකැමති ඇති...
සනත් ඉතාලිය Wednesday, 10 June 2020 03:07 PM
හොඳ වෙලාවට අපේ කාගෙවත් පිලිරුවක් එහෙ නොතිබුනේ.. එහෙම වුණානම් අපි ඇමෙරිකාවෙන් සමාව ඉල්ලනවා. පිළිරූ එහෙ හදපු එකට එහෙව් පාලකයෝනේ අපිට ඉන්නේ..
මෝWednesday, 10 June 2020 04:57 PM
මේ, ඉතාලි සනත්... ඔය කියන ජාතියෙ පගරනැට්ටන් හිටියේ යමපාලන ආණ්ඩුවේ... මතකනෙ රනිල්, මංගල ගිහින් යූ.එන්. එක දණගහලා කිව්වා අපේ රනවිරුවන් යුද්ධ අපරාධ කළා කියලා. අද ජනාධිපති කොන්දක් තියෙන නියම හෙළයෙක්. මතකයිනේ සුද්දා ඉංග්‍රීසියෙන් ලුණු ඇඹුල් ඇතිව කිව්වා...
dilip Wednesday, 10 June 2020 03:41 PM
ඔය කලු ජාතිකයෝ දාමරිකයෝ... ඒකයි මෙතරම් ප්‍රශ්න...
KumarWednesday, 10 June 2020 06:22 PM
ඇත්තටම, ඇයි ඔය සුදුද? දාමරික වැඩවලට කළු සුදු වර්ණයක් නැහැ. පොලිසියෙන් වැඩිපුර අත්අඩංගුවට ගන්නේ පාට අයයි. ඇමෙරිකාවේ ඉන්නවා නම් පොලිසියෙන් නතරකළ අවස්ථාවකදී ඉණ අතගෑවොත් මරනවාමයි. මෙරට ඉන්න සංක්‍රමිකයින්ට කෙතරම් බැන්නත් ලාංකිකයින් ට්‍රම්ප්ට තමයි ඡන්දය දෙන්නේ...
SamanThursday, 11 June 2020 06:26 AM
හරි සුද්දෙක් කිව්වේ. අපේ රට අකර්මන්‍ය කරලා දළදා වහන්සේ විනාශ කරන්න උත්සාහ කළේ මේ කලු ඇමෙරිකානුවන් තමයි.
ranaThursday, 11 June 2020 12:11 PM
අපි සුදුද? උඩ බලා කෙළ ගහන්න එපා යකඩයෝ..!
chandima Wednesday, 10 June 2020 03:42 PM
මේ දවස්වල ට්‍රම්ප් එයාගේ රටේ වෙන දේවල් ගැන කටපියාගෙන ඉන්නේ, පිටරට දේවල් ගැන තමයි කතාකරන්නේ. පව් ඔන්න ඔහේ කියපුවාවේ...
හොඳම 225Thursday, 11 June 2020 05:23 AM
පුවත හොඳට කියවලාද කමෙන්ට් කෙටුවේ චන්දිම?
Pradeep Wednesday, 10 June 2020 04:54 PM
තමන්ගේ රට වැසියන් පාලනය කර ගැනීමටවත් නොහැකි "ලෝක බලවතා"
MD Wednesday, 10 June 2020 05:37 PM
ඇමරිකාවෙහි කලු සුදු දෙකම එකයි. ඔය ෆ්ලොයිඩ්ලා සමහර විට ඉපදිලා ඇත්තෙත් ඇමරිකාවෙහි වෙන්න ඇති. මනුස්සකම ඔය ගොඩක් අය ළඟ නැහැ...
සියලු ජිවිත වැදගත් Wednesday, 10 June 2020 11:52 PM
කළු ජාතික ජීවිත පමණක් නොවේ සියලු ජීවිත වැදගත් වේ. සතා සීපාවා ද ඇතුළත් වේ. එයයි බුදු දහමේ හරය. නමුත් අපේ රටේ බහුතරයක් වර්ග වාදීන්වේ. බොරු සෝබනයට "black life matters " කියා කොටන අතරේ අපේම රටේ අපේ ජනතාවගේ විවිධ කොටස්වල ජීවිත පිළිබඳ ඇත්තේ ඉතා නින්දා සහගත දැක්මකි.
මුණසිංහ Thursday, 11 June 2020 01:39 AM
ගාන්ධිව අවිහිංසාවාදයේ පියා ලෙස සැළකුවත් අප්‍රිකානු ජාතිකයින් එහෙම නැහැ. ඔවුන්ගේ මතයක් තිබෙනවා ගාන්ධි සුදු ජාතිකයින්ගේ වහල්ක්‍රමයට පක්ෂ වුනා කියලා. කළු ජාතිකයින්ට විරුද්ධ වුනා කියලා. ඒක නිසා වෙන්න ඕන මෙය සිදුවෙලා තියෙන්නේ.
ලුම්බිණි Thursday, 11 June 2020 01:54 AM
එංගලන්තෙත් බොහෝ ප්‍රතිමා විනාශ කරමින් යනවා. ප්‍රතිමා විනාශ කිරීමෙන් අතීතය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කළයුත්තේ අනාගතයයි.
anura Friday, 12 June 2020 08:50 AM
තිබෙන පිළිරූ විනාශ කිරීමට යාම අශෝභන ක්‍රියාවක්.., නමුත් සමහර අය ආරූඪ කරගත් චරිත තිබෙන බව අමතක නොකළ යුතුයි. ලෝකයට එක චිත්‍රයක් සහ තම පවුලට තව චිත්‍රයක් පෙන්වීමට සමහරු ගොඩක් හපන්..
jayamal Saturday, 13 June 2020 03:31 AM
මම හිතන්නේ ට්‍රම්ප් මේක කරලා තියෙන්නේ කියලා. ඉන්දියන්ලාගේ ඡන්ද ගන්න.