
(සුජිත් හේවාජුලිගේ)
සමාජයේ කොවිඩ් පැතිරීම හොඳටම වැඩි යැයි අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ( අයි ඩී එච් රෝහල) කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ලංකාදීපයට පැවැසීය.
මේ තත්වය දිගටම පැවතුණහොත් වැඩිකල් නොගොස් සමාජයේ භයානක තත්වයක් මතුවිය හැකි බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා කොවිඩ් පැතිරීම පාලනය කිරීමට නම් ජනතාව සෞඛ්‍ය නීති පිළිපැදීම වැදගත් බවද සඳහන් කළේය.
අද බොහෝ ජනතාවට සෞඛ්‍ය නීති අමතකවී ඇති බවත් විශේෂයෙන් මංගල උත්සවය ඇතුළු විවිධ උත්සව සඳහා ලබාදුන් නිර්දේශ නිසියාකාරව ක්‍රියාත්මක වන තත්වයක් පෙනෙන්නට නැති බවත් ඔහු පැවසුවේය.
මංගල උත්සව ඇතුළු විවිධ උත්සව සඳහා පමණ ඉක්මවා පිරිස් සහභාගිවීම ගැටලුවක් බවද ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වා දුන්නේය.
ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය පැතිරීම ආසාදිතයන්ගේ සංඛ්‍යාව මෙලෙස ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වන්නට ඇතැයි විශ්වාස කරන බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ජනතාව මේ අවස්ථාවේදී තෙවැනි මාත්‍රාව කඩිනමින් ලබා ගැනීමද ඉතා වැදගත් බව සඳහන් කළේය.
කොළඹ බෝවන රෝග විද්‍යායතනයද කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොවිඩ් වලට කොයිතරම් බිල්ලෝ මවනවද.?
ඔබතුමා ප්‍රකාශ කරන කරුනු සත්‍යයක් .ගෙවී ගිය කාල වකවානුව පුරාවටම ඉදිරිපත් කල සෞඛ්‍ය නීතී විහිලුවක් වීම පමණයි උනේ. අනෙක් නිතීත් එහෙම තමා. ඒ වගේම ලෝකෙට පේන්න රජය කලේ සමාජයේ සැනකෙලි සිරි මැව්වා. හැම දේම විහිලුවක් වූ රටක අපේ මිනිස්සුත් එයින් ප්‍රයෝජන ගත්තා. නමුත් තවමත් වගකිවයුතු අය රටට ඇත්ත කියනව ද.නෑ. කරන්නේම බොරුව. මිනිස්සු ත් බොරුව කියලා දැන දැන තමන්ගේ දේවල් කරනවා. වෙන මොනවා කරන්න ද? ඔබ තුමාලා සමාජේ ලෙඩ්ඩු වැඩි කියනවා. ව්පක්ෂය ආන්ඩු පෙරලන්න හදනවා.
එන්නත් වලින් පලක් නැත. ප්‍රවර්ධනය කරන්න එපා....
අපි තමයි හොඳටම කරලා තියෙන්නේ...!