IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කොවිඩ් නිසා තවත් නගර 15ක් වැසේ

කොවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් තවත් නගර 15ක වෙළඳසැල් වසාදැමීමට එම වෙළඳසැල් හිමියන් සහ නාගරික වෙළඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇත.

ත්‍රිකුණාමලය නගර සභා සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, කෑගල්ල, හලාවත, අම්පාර, වෙන්නප්පුව, කැකිරාව, මොණරාගල, දිවුලපිටිය, දැරණියගල, ඌරගස්මංහන්දිය, වාද්දුව, බාඳුරාගොඩ, රිකිල්ලගස්කඩ සහ අලව්ව යන නගර මෙන්ම, යාපනය කොඩිකාමම්හි වෙළඳ සංකීර්ණය ද මෙසේ වසා දැමීමට නියමිතය.

ඇතැම් නගරවල වෙළඳසැල් සතියක කාලයක් සඳහාත්, තවත් නගරවල සති දෙකක් සහ තවත් ඒවා නැවත දැනුම්දෙන තුරු වසාදැමීමට ව්‍යාපාරිකයන් තීරණය කර තිබේ.

මේ වන විටත් රට පුරා නගර 16ක කඩ සාප්පු වසා දමා ඇති අතර ඒ අනුව කඩසාප්පු වසා දැමීම සිදුවන මුළු නගර සංඛ්‍යාව 31 කි.

ගම්පහ, අම්බලන්තොට, අම්බලන්ගොඩ, මරදගහමුල, වේයන්ගොඩ, දංකොටුව, සේරුනුවර, පලාපත්වල, උල්පත, තංගල්ල, බදුල්ල, බලංගොඩ, වලපනේ, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය සහ මාතලේ යටවත්ත යේලක්කරය මේ වන විටත් කඩ සාප්පු වසා දමා ඇති නගර වේ.

තම නගරවල පැතිර යන කොවිඩ් අවදානම හේතුවෙන් එම තීරණය ගෙන ගෙන ඇතැයි එම වෙළඳ සංගම් පවසයි.

(ඩයනා උදයංගනී, යොහාන් භාසුර, අමදෝරු අමරජීව, රවීන්ද්‍ර ලියනගේ, පුෂ්පකුමාර මල්ලවආරච්චි, සමන් පාලිත නානායක්කාර, නවරත්න සමරතුංග, දයා හේමන්ත සිල්වා, ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ, ප්‍රදීප් කුමාර, නයෝමි දිල්රුක්‍ෂි, අබේසිංහ සේනාරත්න, ඔගස්ටින් ප්‍රනාන්දු, කුෂාන් ජයවර්ධන, බිබිල විශේෂ කේෂර ගුණතිලක, ටී.ඇම් සෝමපාල සහ ජයන්ත කුමාර දිසානායක)


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

දිවුලපිටිය


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

බාඳුරාගොඩ


(කුෂාන් ජයවර්ධන)

කැකිරාව


(ටී.ඇම් සෝමපාල)

රිකිල්ලගස්කඩ


(සමන් පාලිත නානායක්කාර)

බණ්ඩාරවෙල



අදහස් (8)

කොවිඩ් නිසා තවත් නගර 15ක් වැසේ

pakeer Tuesday, 17 August 2021 02:16 PM

මේ සතිය වෙනකොට නගර ඔක්කොම වහල තියෙයි

:       0       0

Shantha - Qatar Tuesday, 17 August 2021 02:18 PM

අපි එකතු වෙලා කරන්න පුලුවන් දේ කරන එක තමයි විසඳුම

:       0       0

NISHANTHA Tuesday, 17 August 2021 02:38 PM

අපේ රටේ පොඩි මිනිහට අනාගතය හොඳට දකිනවා...

:       2       5

MDO Tuesday, 17 August 2021 03:18 PM

හොටල් කඩවල් කාරයෝ මිනිස්සු මරන්න ජරාව දුන්නට මැරෙන්න බයයි.

:       6       3

Nihal Tuesday, 17 August 2021 06:29 PM

මේ වෙලාවේ මොලේ තියෙන මුදලාලිලා හිතන්නේ සල්ලි හොයන්නත් ජීවිතේ බේරගෙන ඉන්න වෙනවා.

:       2       8

fairoos Tuesday, 17 August 2021 07:40 PM

මොනවා වුණත් අපේ සර් වැඩ

:       1       4

ranjan Tuesday, 17 August 2021 08:23 PM

පාලකයන්ට වඩා ජනතාව බුද්ධිමත්...

:       2       6

daya Tuesday, 17 August 2021 09:39 PM

පළාත් අතර සංචරණ සීමා වගේ පිස්සු වැඩ කරද්දී ජනතාව ඊට වඩා බුද්ධිමත් තීරණ ගන්නම ජනතාවට පිළිසරණක් නැතිවෙනකොට වෙන මොනවා කරන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site