(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 10,001 දෙනකු පූර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 6,07,119 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් ආසාදිත තවත් 13,724 දෙනකු මේ වන විටත් රෝහල් සහ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ද වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි