IMG-LOGO

කොවිඩ් ආසාදිතයා පාවිච්චි කළ ඉන්හේලරය අසල්වැසියාත් යොදාගෙන

(නයෝමි දිල්රුක්ෂි)

කෑගල්ලේ කොරෝනා ආසාදිතයකු,  භාවිත කළ ඉන්හේලරයක්(ස්වසන ආධාරකයක්) ඉල්ලා, භාවිත කළ අසල්වැසි නිවසක හිමිකරු ඇතුළු පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කළ බව කෑගල්ල  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. ඵම්. අමරතිලක මහතා කීවේය.

කොරෝනා ආසාදිතයා කෑගල්ල නගරයේ  ආපනශාලා සේවකයකු වන අතර, ඔහුට තිබූ කැස්ස සහ සෙම අසනීප තත්වයක් හේතුවෙන් අසල්වැසි නිවසක පුද්ගලයකුගේ ඉන්හේලරයක්(ස්වසන ආධාරකයක්) ඉල්ලා  තිබිණි. අසල්වැසි  නිවසේ හිමිකරුට  කාලයක් තිස්සේ කැස්ස සහ සෙම තත්වයක්  පවතින  බවත්,  ඔහු  ඉන්හේලරයක්  භාවිතා කරන බවත් මෙම සේවකයා දැන  සිට ඇත.

ආසාදිතයා එම ඉන්හේලරය ඉල්ලා එය භාවිතා කළ ද, අසල්වැසි නිවැසියා මෙම සේවකයා ආසාදිතයකු බව නොදැන සිට බව අනාවරණය වී ඇත.  එබැවින් සේවකයා භාවිත කළ ඉන්හේලරය යළි ඔහු භාවිතයට ගෙන තිබේ.

ආසාදිත සේවකයාට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී  කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ සමග  ආපනශාලාව  වසා දමා  එම සේවකයා  කෝවිඩ් නිවාරණ මධ්‍යස්ථානයක් වෙත  යොමු  කිරීමට   කටයුතු සුදානම් කර තිබුණ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. එම්. අමරතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

මේ හේතුවෙන් එම නිවැසියා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් ද ස්වයං නිරෝධායනයට යොමුකළ බව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩිදුරටත් පැවැසීය.



අදහස් (1)

කොවිඩ් ආසාදිතයා පාවිච්චි කළ ඉන්හේලරය අසල්වැසියාත් යොදාගෙන

පිටිගල මිලානෝ Sunday, 07 February 2021 09:42 AM

වෙනත් කෙනෙක්ගේ ඉන්හේලරය කැත නැතුව පාවිච්චි කරන්න නම් මේ දෙන්නා අතර වෙනයම් සම්බන්ධයක් තිබිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 285 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site