(මඩුකන්ද සිතුම් චතුරංග)
කිලිනොච්චිය පොලිස් මූලස්ථානයේ නිලධාරීන් 21 දෙනකු කොවිඩ් 19 වයිරස ආසාදිතයන් ලෙස හදුනා ගත් බව කිලිනොච්චිය සෞඛ්‍ය අංශ කියයි.
පොලිස් මූලස්ථානයේ නිලධාරීන්ගෙන් කිහිප දෙනකුට වයිරසය ආසාදනය වී හදුනා ගැනීමත් සමඟ සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවේදී තවත් 21 දෙනකු කොවිඩ් 19 වයිරසය ආසාදනය ඊයේ(07) හදුනාගත් බව කිලිනොච්චිය සෞඛය අංශ පවසයි.
කොළඹ ප්‍රදේශයේ රාජකාරිය කටයුත්තකට ගොස් පැමිණි නිලධාරීන් සිව්දෙනකුහට කොවිඩ් 19 වයිරසය ආසාදනයවී ඇති බවට පසුගියදා තහවුරුවීමෙන් අනතුරුව පොලිස් ස්ථානයේ නිලධාරීන් එලෙස පී.සී.ආර් පරීක්ෂණයට යොමුකොට ඇති අතර එහිදී ආසාදිත පිරිස හදුනාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd