IMG-LOGO

කොරෝනා සම්බන්ධ ප්‍රකාශයක් කළැයි රාජිතට එරෙහි පරීක්ෂණයක්

(ඉන්දිකා රාමනායක)
 
පාසල් සිසුන් 10 දෙනෙක්ට   කොරෝනා වයිරසය ආසාදනය  වී  ඇති බවටත්  ප‍්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු  අමාත්‍ය  රාජිත සේනාරත්න පොලිස්පතිවරයාගේ නියමයෙන්  කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි  ජාලිය සේනාරත්න මහතා පැවසීය.
 
රාජිත සේනාරත්න මහතා පසුගියදා     කොළඹදී මෙම මාධ්‍ය හමුව පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා  කියා සිටියේය.
 
මෙම  සිද්ධියට අදාල හ`ඩපට පොලිස් මුලස්ථානය වෙත ලැබුණු   පැමිණිල්ලක් අනුව    පොලිස්පතිවරයා මෙම පරීක්ෂණ   අපරාධ විමර්ශන බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා නියමයෙන් යටතේ මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවද    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
 
 



අදහස් (11)

කොරෝනා සම්බන්ධ ප්‍රකාශයක් කළැයි රාජිතට එරෙහි පරීක්ෂණයක්

Wasantha Friday, 03 April 2020 01:47 PM

මේ ගෝතයව අල්ලලා හදලා දන්නා බැරිද ?

:       1       21

de silva Friday, 03 April 2020 02:20 PM

මට හිතෙන්නේ මේ මනුස්සයට මොලේ අමාරුවක්ද කොහෙද ?

:       1       17

jayath Friday, 03 April 2020 02:29 PM

කට්ටිය බලන් හිටියට මෙයාට මොනවත් වෙන්නේ නැහැ. අර කිඹුල් කතාව කියල මොනවද වුනේ ? මුකුත් නැහැ . තවත් කෙනෙක් - කලවැද්දන්ට නෑකම් තියන කෙනෙකුත් කිව්වා නෙව ගානක් මැරිලා කියල... එත් ඔය අගේට ඉන්නේ...

:       0       4

WCA Friday, 03 April 2020 02:33 PM

බොරු වැඩ කරන්න එපා ඕකට මුකුත් කරන්නේ නැහැ . බලන්න දැන් මුහුණු පොතේ ඔයවගේ තුන් හතර දෙනෙක් අල්ලල උසාවියට දැම්ම පරීක්ෂණ මුකුත් නැහැ . හැබැයි මෙය එළිපිට ගල් පැලෙන බොරු කියනවා. දැන් සති දෙකකට ඉස්සර මෙය කිව්වා. කොරෝනා වලින් 3 දෙනෙක් මළා කියල එකට කිව්වේ පරීක්ෂණයක් කරනවා කියල මුහුණු පොතේ අයට ක්‍රියාත්මක නීතිය මෙ වගේ අයට ක්‍රියාත්මක නැහැ . හැබැයි පරීක්ෂණ කරනවා කියල පොලිසියෙන් කියනවා. තවමත් මෙරටේ නීති දෙකක් තියෙන්නේ. එක්කෝ දැන්වත් පොලිසියෙන් අලුත් බොරුවක් හදාගතොත් හොදයි කියන්න මේක දැන් අහක ඇතිවෙලා...

:       0       16

Nihal Friday, 03 April 2020 03:14 PM

ෆේස්බුක්හි සාවද්‍ය පළකිරීමක් සිදුකරන අය අත්අඩංගුවට ගනිද්දි ඇයි මෙයාලට විරුද්ධව පරීක්ෂණ විතරක්..?. අත්අඩංගුවට ගන්න හදද්දි රෝහල් ගත වන හින්දද.?

:       0       5

vipula Friday, 03 April 2020 03:42 PM

මෙයට මොකුත් වෙන්නේ නැහැ. කරුණාකරලා මෙයාව නැවත පාර්ලිමේන්තුවට හෝ ප්‍රාදේශීය සභාවකටවත් පත් කරන්න එපා.

:       6       9

Raveendra Friday, 03 April 2020 03:50 PM

ඇත්තෙන්ම අප කිසිවෙකුට අපහස කරනවා නොව, මෙ වගේ අය මොකට අපේ රට ඉපදුනාද යන්න ගැටලුවකි..

:       14       7

de silva Friday, 03 April 2020 04:04 PM

මෙයත් සහෝදර සමාගමේ හොන්ද පැරණි හිතවතෙක්..., මේගොල්ල අපිව විනෝද කරන්න මේවගේ කෝලම් ජවනිකා රගපෑවාට යටින් හරිම හිතවත්..., ඔක්කොම ඩිල් කාරයෝ

:       0       7

Kumar Friday, 03 April 2020 04:27 PM

දැන් කථා කිරීමේ නිදහසත් අහෝසිවෙලද? එසේ නම් ඔය බොරු ව්‍යාපෘති ගැන කියන රජයේ දේශපලුවොත් අත්අඩංගුවට ගන්න.

:       21       20

ඉරාන් Friday, 03 April 2020 04:41 PM

මෙන්න අල්ලනවනං අල්ලන්න හොඳම වෙලාව. මෙයාම කියන්නෙ කොරෝනා නෑ, යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නව කියල..

:       0       7

fernando - katana Friday, 03 April 2020 09:28 PM

මෙයා එදා මීගමුවේදී කොල්ලන්ට අහුවුනානම්....

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 285 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site