(ඩයනා උදයංගනී සහ අංජුල මහීකවීරරත්න)
කොවිඩ් ආසාදිතවූ තවත් 186 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 6,790 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අය අතර පිරිමි අය 111 දෙනෙක් සහ කාන්තාවෝ 75 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 147 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 35 දෙනෙක් සහ වයස අවුරුදු 30 ට අඩු සිවු දෙනෙක් ද වෙති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනාවෙන් බේරෙන්න ලෝකයේ තියන එකම තැන කියලා ගහපු කයිවාරුවලට රැවටිච්ච ලෝකල් මෝඩයින් හැරුණු විට, වෙනත් ජාතියක් නම් ඒ බුල්ටෝ එක කෑවේ නැහැ මගේ හිතේ, ඔවුන්ගේ තියන බුද්ධියට. මම මේ නිකමට වගේ අහන්නේ, උපතින්ම ගෙනා ගොන් කමයි ජානමය තත්වයන් තුළ එන පුහු පම්පෝරියයි ඇරෙන්න වෙනත් සුවිශේෂී යමක් එහෙම මේ උද්දච්ඡයින්ට තියෙනවද? වැඩිපුර උදාහරණ අවශ්‍ය නැහැ. ලංකාවේ මහලොකු රුපියලයි, පාස් පොර්ට් එකෙයි වටිනාකම තමයි ලෝකයා ඉදිරියේ හිඟන ලෙසින් පිළිබිඹු වන්නේ? කොහොමද, දේශප්‍රේමී නායකයින්ගේ කෙරුවාව? මාර ආඩම්බරයි නේද, රට, ජාතිය හා ආගම ගැන? ටිකක් කටවල් පරිස්සම් කරගෙන හිටපල්ලා ලෝකෙට විහිළුවක් වෙන්නේ නැතිව..?