( දිල්රුක්ෂි ග්‍රේරු )
කොරෝනා පාලනය සඳහා ශ්‍රී ලංකාවට ගෙන ඒමට සූදානම් වන එන්නත ලබන මාර්තු මාසයේදී පමණ භාවිතයට ලබා දීමට හැකිවනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(19) පැවසීය.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ජාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එන්නත ගෙන්වීම පිළිබඳව මූලික සාකච්ඡා සිදු කර ඇති බවත් පැවසු අමාත්‍යවරයා, මේ වන විට එන්නත් සම්බන්ධව නිෂ්පාදකයින් හතර දෙනකු සමඟ සාකච්ඡා කර ඇති බවත් ඔවුන්ගෙන් සාධනීය පිළිතුරු ලැබී ඇති බවත් කීවේය.
ශ්‍රී ලංකාවට ගැලපෙන එන්නතක් ලබා ගැනීම සම්බන්ධ රටේ පසුබිම සමඟ තීන්දු තීරණ ගනිමින් පවතින බවත් කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාවට මාර්තු මාසයේදී එන්නත ලබා දීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බව හෙතෙම කීවේය.
එන්නත ලබා දීමේදී ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව එය ලබා දීමට සැළසුම් කර ඇති බවත්, 50% පිරිසකට එන්නත නොමිලේ ලබාදීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මිලියන 11 එන්නත ලබා දීමට සැළසුම් කර ඇති බවත් මේ සියලු දෑ ඉතා සැළසුම් සහගතව සිදුවෙමින් පවතින බවත් ඉදිරියේදී ඒ පිළබඳව ජනතාව දැනුවත් විය හැකි බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමටම එන්නත ලබා දෙන රට විදියට ගිනස් පොතට යනු ඇත.
ඇයි දැන් හදිසි වෙන්නේ..? ටිකක් පරක්කු වුණාට කමක් නෑ.. පාර්ලිමේන්තු පොකුර පටන් ගත්තා විතරයිනේ...
ලෝකයේ අනිත් රටවල් දැනටමත් වැක්සින් පටන් අරන් ඉවරයි. තවත් රටවල් ඒවා ඕඩර් කරලා ඉවරයි, අපි තාම හිතනවා. අපේ රජයට ජනතාව වටින්නේ ඡන්දයක් ළඟ එනකොට විතරයි. මන් දන්නා විදියට ඉන්දියාවේ හදන ඔක්ස්ෆර්ඩ් වැක්සින් එක ඩොලර් 3 ක් වෙන්නේ (එන්නත් මාත්‍රා 2කම) , අපේ රජයට ජනතාව වෙනුවෙන් ඩොලර් 3ක් වත් වියදම් කරන්න බැහැ. නමුත් කතාව ලෝකෙත් එක්ක ගේම ඉල්ලන්න.. දැන් ලෝකෙන් හිඟාකනවා එන්නත් නොමිලේ ඉල්ලලා... මෙයාලාට මිනිස්සු ගැන කිසිම කැක්කුමක් නැහැ.. බලන්න ඇමරිකාව, රුසියාව, ඉන්දියාව මිනිස්සු ගැන හිතන විදිය... අපේ රටේ පාලකයින් කවදා මෙහෙම හිතයිද? එදාට අපේ රට දියුණු වෙයි, නැත්තන් හැමදාම බොරුවට අපිට පේන්න ආණ්ඩුවයි, විපක්ෂයයි රණ්ඩු වේවි ඉඳියි.. ආණ්ඩුවට ගාණක් නැහැ.. මිනිස්සුන්ට ලැජ්ජාවක් නැහැ.
එක්කෙනෙක් පෙබරවාරි කියනවා. තව කෙනෙක් මාර්තු කියනවා. තව කෙනෙක් චීනෙන් කියනවා. තව කෙනෙක් එංගලන්තයෙන් කියනවා. මට පෙනෙන විදිහට නම් තාම කිසිම දෙයක් කරලා නැහැ වගේ. කමක් නැහැ අපේ දේශීය නිෂ්පාදනයක් වන ‘ධම්මික පැණිය‘ තියෙනවනේ..
අපේ පැණිය අපිට හොඳයි.. අපිට එන්නත එපා..
අනේ එන්නත් නැතිවුණත් කමක් නැහැ. ඔබතුමා බැල්කනි වලට එහෙම නගින්න එපා.