(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර ලැබීමට පැමිණි තිදෙනෙකු සම්බන්ධයෙන් ඇතිවි ඇති සැකයක් මත කොරෝනා රෝගීන් දැයි පරීක්ෂා කිරිමට ගම්පහ මහ රෝහලට අද (13) යැවූ බව හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවාරච්චි මහතා පැවසීය.
මෙම තිදෙනාගෙන් දෙදෙනෙක් 34 වන වියේ පසුවන මවක හා 13 වන වියේ පසුවන පුතෙකු වෙති.
ඔවුන් මුගුණුවටවන උතුරු මහගම ප්‍රදේශයේ පදිංචිකරුවන් ලෙසින් හඳුනා ගෙන ඇති බවත් මෙම කාන්තාවගේ සැමියා ද අංගොඩ අයි.ඩි.එච්.උණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
මොහු මෙරටින් සොයා ගත් පළමු කොරෝනා රෝගීයා ඇසුරු කර ඇතැයි අනාවරණය වී තිබේ.
අනෙක් රෝගියා මුන්දලම අගුණවිල ප්‍රදේශයේ පදිංචි 43 වන වියේ පසුවන පුද්ගලයෙකි.
පසුගිය දා හලාවත රෝහලේ සිටි අංගොඩ රෝහලට කොරෝනා ආසාදිතයකු දැයි පරික්ෂා කිරිමට යවන ලද පල්ලම සේරුකැලේ පදිංචි කාන්තාව කොරෝනා ආසාදිතයකු නොවන බවත් ඇය අද (13) සිය නිවසට එවා ඇති බවත් හලාවත රෝහල් අධ්‍යක්ෂවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd