දුප්පත් සහ පොහොසත් රටවලට සමානව ‘කොවිඩ්-19’ එන්නත ලබාදීමේ ක්‍රියාවලියට මේ වනවිට චීනය ඇතුළු රටවල් 180කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
‘කොවිඩ්-19’ නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා එන්නතක් සොයාගත් පසු එය දුප්පත් සහ පොහොසත් රටවල් අතරේ සමානව බෙදාහැරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් සන්ධානයක් ස්ථාපිත කර ඇත.
ඊට මූල්‍ය සහාය දැක්වීමට මේ වනවිට රටවල් 180කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. එම සන්ධානය ගවි එන්නත් සන්ධානය යනුවෙන් හැඳින්වේ.
ඒ ක්‍රියාවලිය සිදුවන්නේ ‘කොවැක්ස්’ හරහා ය. ‘කොවැක්ස්’ වැඩසටහන යටතේ ඊට මූල්‍ය ආධාර සැපයෙන අතර ‘කොවැක්ස්’ මූල්‍ය පහසුකම යටතේ ය. කොවැක්ස් මූල්‍ය පහසුකම යටතේ ‘කොවිඩ්-19 එන්නත ’ සංවර්ධනය, බෙදාහැරීම යනාදිය සිදු වේ.
මේ ක්‍රියාවලියට එක්වන බව චීනය පසුගිය සතියේදී නිවේදනය කළේය. මේ අනුව ගවි එන්නත් සන්ධානයට සහ ‘කොවැක්ස්’ වැඩසටහනට සම්බන්ධ වී සිටින රටවල් ගණන 180 ඉක්මවා ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් මහත්මිය අද (12) සඳහන් කළාය.
රොයිටර්
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා එන්නත් සන්ධානයට රටවල් 180ක්
Demuni Uduwara Monday, 12 October 2020 05:21 PM
ප්‍රශංසනීය තීරණයක්...
banda Tuesday, 13 October 2020 07:17 AM
ලංකාවට හෙළ ඔසු තියෙන නිසා මේකට සම්බන්ධ වෙන්න ඕනෑ නැහැ.