(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1010 දෙනෙක් අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 2,63,805 ක් දක්වා ඉහල ගොස් ඇත.

කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 1,853 දෙනෙකු සුවය ලබා අද (03) රෝහල්වලින් පිටවගොස් ඇති අතරකොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 231,394කි.