(යොහාන් භාසුර)
කොළඹ, මේට්ලන්ඞ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ සේවයන් කීපදෙනකු ‘කොවිඞ් 19’ ආසාදිතයන් ලෙස හඳුනාගැනීමත් සමඟ ක්‍රිකට් මූලස්ථාන පරිශ්‍රයට ඇතුල්වීම සිමාකර ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම සේවයන්ට හෙට (04) සිට නැවත දැනුම්දෙන තුරු නිවසේ සිට කාර්යාලයීය කටයුතු කරන ලෙස මානව සම්පත් අංශ ප්‍රධානී ටනේෂ් බී. ඩයස් මහතා ඊමේල් ඔස්සේ දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකාර තනතුරක් දරණ නිලධාරියකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සමීපව කටයුතු කළ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියකු අද (03) පෙරවරුවේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ සිය ආයතනයේ නිලධාරීන් කීපදෙනකු ‘කොවිඞ් 19’ ආසාදිතයන් ලෙස හඳුනාගත්ත ද ක්‍රිකට් ආයතනය වසා නොමැති බවයි.
“අපේ සේවකයින් ‘රැපිඞ් ඇන්ටිජන්’ පරීක්‍ෂාවට යොමු වුණා. එහිදී කීපදෙනෙක් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තියෙනවා. ‘රැපිඞ් ඇන්ටිජන්’ ප්‍රතිඵලයට අනුව ඔවුන්ගේ ශාරීරයේ ඉතා සුළු වශයෙන් වයිරසය තියෙනවා කියලා තමයි කියන්නේ”
“ක්‍රිකට් ආයතනය වැඩ කරගෙන යනවා. අපි කාලයක සිට සේවයන් සීමා කරලා තමයි කටයුතු කළේ” යැයි එම උසස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඉතා සුළු වශයෙන් වයිරසය තියෙනවා" හ හා... වයිරස් ගණන ගණන් කරලා. කීයක් තිබුණද දන්නේ නෑ. කීයකට වඩා තිබුණොත් කමක් නැද්ද දන්නෑ? ලංකාවට ආවේනික විහිලු. ලංකාවේ මිනිස්සු ගොං මෝඩයෝ කියලා හිතන මහා අය නිසා තමයි මේ රටට විනාශය. ඇත්ත කියන්න පිළිගන්න බැරි අය ලොකු ලොකු තනතුරු දැරීම හානියක්. මේ දිනවල අපේ ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට ගිහින් නිසා මේ කවුරුන් හෝ එහෙ ගිහින් ආව අයද සොයාබැලිය යුතුයි. වේගයෙන් පැතිරෙන කොරෝනා ප්‍රබේධය අැරඹුනේ දකුණු අප්‍රිකාවෙන්...