IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ක්‍රිකට් ආයතනයටත් ඇතුළුවීම සීමා කරයි

(යොහාන් භාසුර)


කොළඹ, මේට්ලන්ඞ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ සේවයන් කීපදෙනකු ‘කොවිඞ් 19’ ආසාදිතයන් ලෙස හඳුනාගැනීමත් සමඟ ක්‍රිකට් මූලස්ථාන පරිශ්‍රයට ඇතුල්වීම සිමාකර ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම සේවයන්ට හෙට (04) සිට නැවත දැනුම්දෙන තුරු නිවසේ සිට කාර්යාලයීය කටයුතු කරන ලෙස මානව සම්පත් අංශ ප්‍රධානී ටනේෂ් බී. ඩයස් මහතා ඊමේල් ඔස්සේ දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකාර තනතුරක් දරණ නිලධාරියකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සමීපව කටයුතු කළ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියකු අද (03) පෙරවරුවේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ සිය ආයතනයේ නිලධාරීන් කීපදෙනකු ‘කොවිඞ් 19’ ආසාදිතයන් ලෙස හඳුනාගත්ත ද ක්‍රිකට් ආයතනය වසා නොමැති බවයි.

“අපේ සේවකයින් ‘රැපිඞ් ඇන්ටිජන්’ පරීක්‍ෂාවට යොමු වුණා. එහිදී කීපදෙනෙක් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තියෙනවා. ‘රැපිඞ් ඇන්ටිජන්’ ප්‍රතිඵලයට අනුව ඔවුන්ගේ ශාරීරයේ ඉතා සුළු වශයෙන් වයිරසය තියෙනවා කියලා තමයි කියන්නේ”
“ක්‍රිකට් ආයතනය වැඩ කරගෙන යනවා. අපි කාලයක සිට සේවයන් සීමා කරලා තමයි කටයුතු කළේ” යැයි එම උසස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.



අදහස් (1)

ක්‍රිකට් ආයතනයටත් ඇතුළුවීම සීමා කරයි

sathyapala Sunday, 03 January 2021 10:11 AM

"ඉතා සුළු වශයෙන් වයිරසය තියෙනවා" හ හා... වයිරස් ගණන ගණන් කරලා. කීයක් තිබුණද දන්නේ නෑ. කීයකට වඩා තිබුණොත් කමක් නැද්ද දන්නෑ? ලංකාවට ආවේනික විහිලු. ලංකාවේ මිනිස්සු ගොං මෝඩයෝ කියලා හිතන මහා අය නිසා තමයි මේ රටට විනාශය. ඇත්ත කියන්න පිළිගන්න බැරි අය ලොකු ලොකු තනතුරු දැරීම හානියක්. මේ දිනවල අපේ ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට ගිහින් නිසා මේ කවුරුන් හෝ එහෙ ගිහින් ආව අයද සොයාබැලිය යුතුයි. වේගයෙන් පැතිරෙන කොරෝනා ප්‍රබේධය අැරඹුනේ දකුණු අප්‍රිකාවෙන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31542 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13900 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11074 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 159 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1079 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site