(අජන්ත කුමාර අගලකඩ )
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රාජකාරියේ නිරතව සිටින රජයේ ක්ෂේත්‍ර නිලධාරීන් සදහා ගමන් වියදම් ඇතුලු අමතර දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇත.
ඒ සදහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ කෘෂිකර්ම මහවැලි සංවර්ධන හා අභ්‍යන්තර වෙළෙද අමැති චමල් රාජපක්ෂ යන මහත්වරුන් විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ කැබිනට් සංදේශයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සදහා මෙම දීමනාව හිමිවන බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
මෙම නිලධාරීන්ට ඉන්ධන දීමනාව ලෙස රුපියල් 450 ක්ද, වෙනත් වසමක වැඩ බලන්නේ නම් තවත් රුපියල් 150ක් සමග රුපියල් 600ක් ද, දුරකතන දීමනාව ලෙස රුපියල් 100ක් සහ ගමන් වියදම් ලෙස රුපියල් 1200ක් ද වශයෙන් අමතර දීමනාවක් හිමිවන බව ඇමැති ආචාර්ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙම නිලධාරීන් කරන සේවය අගයමින් මෙම දීමනාව ගෙවන බවද අගමැතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවස්තානුකුලව ගත් වැදගත් තීරණයක්..
එතකොට විවිධ අමාත්‍යංශවලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව වැඩකරන ක්ෂේත්‍ර නිලධාරින්ට හුළංද? වනිතා සංවර්ධන, සංස්කෘතික සංවර්ධන, සමාජසේවා, විද්‍යා හා තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් රැසක් කොරෝනා මර්ධන ව්‍යාපාරයට සෘජුවම සම්බන්ධව වැඩකරනවා. ඔවුන්ව එම අත්‍යවශ්‍ය කාර්යයන් හි යොදවා ඇත්තේ අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින්. ඒ අයට අනතුරක් නැද්ද? අනික ඒ අයගේ ආරක්ෂාවට නිසි ක්‍රමවේද අනුගමනය කරන බවක් පේන්නට ද නැහැ. ගෙවීමක් කරන අවස්ථාවක දී එක් පිරිසකට පමණක් ගෙවීම දීමනාවක් ගෙවීම කොතරම් අසාධාරණද? සීතල කාමරවලට වී සිටින නිලධාරීන්ගේ උපදෙස් මත තවමත් කටයුතු කරන බවක් මෙවැනි ක්‍රියාවන් හරහා පෙන්නුම් කරනවා.
බොහොම හොද තීරණයක්...
රුපියල් 1750 ලබා දී රාජ්‍ය නිලධාරීන් හෑල්ලුවට ලක් කර ඇත... අවධානම නොතකමින් කරන ලද රාජකාරි යට ලබාදී ඇති තක්සේරුව 1750 කි.