IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කිරි දානයෙන් කොරෝනා පොකුරක්

(සමන් පාලිත නානායක්කාර)

හල්දුම්මුල්ල දඩයම් පොල කිරිඅම්මා දානමය පිංකමක් පැවැත් වූ නිවසකට සහභාගිවූ 14 දෙනකුට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව කොස්ලන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක චානක මධුරංග මහතා පවසයි.

කිරිඅම්මා දානය පිංකමට සහභාගි වූ මව්වරු දෙදෙනකුට මුලින් ආසාදිත වීමත් සමග කළ ඇන්ටිජන් පරීක්ෂාවකින් මෙම කිරිඅම්මා දානය පැවැත්වූ නිවසේම දෙදෙනකු ඇතුළු එම ගම්මානයේ තව 12 දෙනකු කෝවිඩ් 19 ආසාදනය වීඇති බව තහවුරු වී ඇත.

මේ තත්ත්වය හේතුවෙන් එම ගම්මානයේ පුද්ගලයින් 190 දෙනකු ගේ පී සී ආර් පරීක්ෂණ සිදුකර ඇති බවත් සෙසු ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක චානක මධුරංග මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (6)

කිරි දානයෙන් කොරෝනා පොකුරක්

පිටිගල මිලානෝ Sunday, 15 August 2021 11:10 AM

බුදුදහමේ හරය නම් මොලය පාවිච්චි කර කාලෝචිත දේවල් කිරීමයි. ඒත් අපේ රටේ මිනිස්සු කරන්නේම ඊට වෙනස්ම දේවල්...

:       1       23

කෞශල්‍ය Sunday, 15 August 2021 12:28 PM

සකල ආකාරයේ ආගමික වතාවත් වලින් වගේම ලවුඩ්ස්පීකර් වලින් අසල්වැසි නිවාසවල මිනිස්සුන්ට හිරිහැර වෙන විදිහට උදේ, හවස කරන පාරිසරික ශබ්ද දූෂණයෙනුත් කොරෝනා වැනි මාරාන්තික වසංගතයක් මෙල්ල කරන්න බැහැ.. දියුණු රටවල මිනිස්සු මේ වගේ විපත්තිදායක කාලවලදී කරන්නේ හැකිතරම් තව කෙනෙකුට කරදර නොකර ඔවුන්ගේ නිදහසට ගරු කරන එකයි.

:       2       15

Sri Lanka Sunday, 15 August 2021 01:22 PM

මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න. ආණ්ඩුවට විතරයි කොරෝනා ඉවර කරන්න පුළුවන්.. එදා 30 අවුරුදු යුද්ධය ඉවරකළා වගේ... ජයවේවා..!!!

:       8       6

සිල්වාව Sunday, 15 August 2021 01:37 PM

මෙසේ වගකීමක් නාෙමැතිව කටයුතු කරන අයගෙන් PCR පරීක්ෂණවලට යන මුදල හා තවත් දඩ මුදලක් අයකර ගන්න...

:       2       7

Rohana Sunday, 15 August 2021 05:08 PM

දැන් තේරෙනවා ඇති කිරි අම්මලාගේ දානෙන් ලෙඩ සනීප කරන්න බැරි බව. ඔය තරම් දේව බලයක් තියනවා නම් කිරි අම්මලාගේ දානෙට සහභාගි වුණු කාටවත් කෝවිඩ් හැදෙන්න විදියක් නෑ.

:       1       7

සුධර්මන් දයා ජීව Monday, 16 August 2021 07:48 AM

මේ වගේ මොලේ අඩු අය තමයි වැඩිහරියක් ඉන්නේ.... රටේ පවතින වාතාවරණයට අනුව වැඩ කටයුතු කරන්නට තේරෙන්නේ නැති හැටි.... කණගාටුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site