(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල දඩයම් පොල කිරිඅම්මා දානමය පිංකමක් පැවැත් වූ නිවසකට සහභාගිවූ 14 දෙනකුට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව කොස්ලන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක චානක මධුරංග මහතා පවසයි.
කිරිඅම්මා දානය පිංකමට සහභාගි වූ මව්වරු දෙදෙනකුට මුලින් ආසාදිත වීමත් සමග කළ ඇන්ටිජන් පරීක්ෂාවකින් මෙම කිරිඅම්මා දානය පැවැත්වූ නිවසේම දෙදෙනකු ඇතුළු එම ගම්මානයේ තව 12 දෙනකු කෝවිඩ් 19 ආසාදනය වීඇති බව තහවුරු වී ඇත.
මේ තත්ත්වය හේතුවෙන් එම ගම්මානයේ පුද්ගලයින් 190 දෙනකු ගේ පී සී ආර් පරීක්ෂණ සිදුකර ඇති බවත් සෙසු ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක චානක මධුරංග මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුදහමේ හරය නම් මොලය පාවිච්චි කර කාලෝචිත දේවල් කිරීමයි. ඒත් අපේ රටේ මිනිස්සු කරන්නේම ඊට වෙනස්ම දේවල්...
සකල ආකාරයේ ආගමික වතාවත් වලින් වගේම ලවුඩ්ස්පීකර් වලින් අසල්වැසි නිවාසවල මිනිස්සුන්ට හිරිහැර වෙන විදිහට උදේ, හවස කරන පාරිසරික ශබ්ද දූෂණයෙනුත් කොරෝනා වැනි මාරාන්තික වසංගතයක් මෙල්ල කරන්න බැහැ.. දියුණු රටවල මිනිස්සු මේ වගේ විපත්තිදායක කාලවලදී කරන්නේ හැකිතරම් තව කෙනෙකුට කරදර නොකර ඔවුන්ගේ නිදහසට ගරු කරන එකයි.
මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න. ආණ්ඩුවට විතරයි කොරෝනා ඉවර කරන්න පුළුවන්.. එදා 30 අවුරුදු යුද්ධය ඉවරකළා වගේ... ජයවේවා..!!!
මෙසේ වගකීමක් නාෙමැතිව කටයුතු කරන අයගෙන් PCR පරීක්ෂණවලට යන මුදල හා තවත් දඩ මුදලක් අයකර ගන්න...
දැන් තේරෙනවා ඇති කිරි අම්මලාගේ දානෙන් ලෙඩ සනීප කරන්න බැරි බව. ඔය තරම් දේව බලයක් තියනවා නම් කිරි අම්මලාගේ දානෙට සහභාගි වුණු කාටවත් කෝවිඩ් හැදෙන්න විදියක් නෑ.
මේ වගේ මොලේ අඩු අය තමයි වැඩිහරියක් ඉන්නේ.... රටේ පවතින වාතාවරණයට අනුව වැඩ කටයුතු කරන්නට තේරෙන්නේ නැති හැටි.... කණගාටුයි.