
(යොහාන් භාසුර සහ බන්දු තඹවිට )
කළුතර මහ රෝහලේ සහ පානදුර මූලික රෝහලේ ගොඩගැසී තිබූ ‘කොවිඩ්’ ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ මල සිරුරු ආදාහනය ආරම්භ කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
කළුතර දිස්ත්‍රික්කයේ රෝහල්වල හදුනානොගත් මල සිරුරු තිබීම නිසා ප්‍රමිතියකට ගබඩා කිරීමේ අපහසුතාවක් ඇති වූ බවත් එම සිරුරු පිළිබඳ අවසන් කටයුතු කිරීමට පැය 24 පුරා ආදාහානාගාර විවෘතව තබන බවත් වෛද්‍ය උදය රත්නායක මහතා කීය.
කළුතර දිස්ත්‍රිකයේ රෝහල් රැසක මලසිරුරු 50 කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මතුගම, දොඩන්ගොඩ, අලුත්ගම,පොතුවිල,වස්කඩුව,හිමිදිරියාව, කළුථර උතුර සහ මිනුවන්පිටිය යන ආදාහනාගාරවලදී මෙම සිරු ආදාහනය කර ඇත.
(ඡායාරූප බන්දු තඹවිට)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ මිනිස් ජීවිත නැතිවීම මොනතරම් අපරාධයක්ද? රජය වහාම තීරණයක් අරගෙන රට වහන්න. විපක්ෂ නායකතුමා මේ ගැන පුනපුනා පාර්ලිමේන්තුවේ කිව්වා. දැන්වත් සත්‍ය තේරුම් ගෙන ඉක්මන් තීරණයක් රජය ගන්න...
නියමයි සර්...,
බැසිල්ගේ අත්හදා බැලීම සාර්ථකයි...
දැන් ඉතින් මැරිච්ච මිනිස්සුන්ට බනීවි.. කොරෝනා මර්ධන බලකායේ ලොක්කා හරි නම් ඉල්ලලා අස්වෙන්න ඕනෑ.. නමුත් සිද්ද වෙන්නේ දිගින් දිගටම මුදල් ඇමැතිකම වැනි අලුත් තනතුරු ඔහුට ලැබීම... සර් පාස් මිනිස්සු ෆේල්...!!!