
(ටී.කේ.ජී.කපිල)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ නියෝජ්‍ය කළමනාකරුට ද කොරෝනා වෛරසය ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර ඇතැයි ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම මෙම නියෝජ්‍ය කළමනාකරු සමග සමීපව ඇසුරු කළ තවත් ගුවන් තොටුපළ සේවකයින් 15 දෙනෙකුට අධික පිරිසක් ද මේ වනවිට තම නිවෙස් වල නීරෝධායනය සදහා යොමු කර ඇති බව ද වාර්තා වේ.
මෙම කටුනායක ගුවන් තොටුපළ නිලධාරීන් පිරිස පසුගියදා මත්තල ගුවන් තොටුපළේ පැවති යූක්‍රේන ජාතික සංචාරකයන් පිළිගැනීමේ උත්සවය සදහා සහභාගී වී සිටි බැව් ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.
මෙසේ නිවෙස් තුළ නීරෝධායනය වෙමින් සිටින ගුවන් තොටුපළ සේවකයින් පිරිස තව දින 07 කින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් වීමට නියමිත බව ද ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ව්‍යාපාරය ඉහළ මට්ටමකට ඇවිත් වගේ...
මෙහෙ තියාගෙනද ගුවන් තොටුපළ අරින්න හදන්නේ?
හරක් සිටින රට ලංකාව... ලෝකෙටම එකයි. රට සුන්දර වුණාට පාලකයෝ ඔක්කෝම එකයි...
මොන රටේද සංචාරකයින් පිළිගන්න ගුවන් තොටුපල නිලධාරින් යන්නේ...? මේ අයට පිස්සු...
සංචාරක ඇමතියා දැන් හත්පොලේ ගාගෙන වගේ...