
(ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා)
කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ අද (18) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේ දී කර්මාන්ත ශාලාවලින් තවත් සේවක සේවිකාවන් 15 දෙනෙක් කෝවිඩ් ආසාදිතයන් බව තහවුරු වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය.
ඒ අනුව කොග්ගල කලාපයේ කෝවිඩ් ආසාදිත සේවක සේවිකාවන් සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගොස් ඇතැයි සිරිවර්ධන මහතා කීය.
ඉකුත් 10 දින මෙම කලාපයේ එක් කර්මාන්ත ශාලාවක සේවකයෙක් සහ සේවිකාවක් කෝවිඩ් ආසාදිත බවට තහවුරු විය.
මෙම තත්වය ඉකුත් දින 8 තුළ දී මෙම කර්මාන්ත පුරයේ කර්මාන්තශාලා පහක් වෙත දැනට පැතිර තිබේ.
අද දින වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 15 දෙනා සමග ම කොග්ගල කර්මාන්ත පුරයේ ඇඟලුම් කර්මාන්ත කර්මාන්තශාලා 4 කින් වාර්තාව වූ කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 88 ක් වන අතර ශල්‍ය අත්වැසුම් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකින් තවත් කෝවිඩ් ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වී තිබේ.
මෙම තත්ත්වය තවත් වර්ධනය විය හැකි බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සිරිවර්ධන තවදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd