IMG-LOGO

ඒකල කර්මාන්ත ශාලාවක 39 දෙනකුට කොවිඩ්

( ප්‍රසංග පෙරේරා)
 
 
ඒකල  කර්මාන්ත ශාලාවක කරනු ලැබූ පී සී ආර් පරීක්ෂාවකදී කොවිඩ් 19 ආසාදිතයන් 39 දෙනෙකු සොයා ගත් බව ජා-ඇල ප්‍රාදේශීය සභා පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා කීවේය.
 
ඊයේ(28)) මෙම  කර්මාන්ත ශාලාවේ දීපී සී ආර්  පරීක්ෂණ 133ක් සිදු කර ඇති අතර  අද (29 ) ඔවුනගෙන් 39 දෙනකු කොවිඩ් 19 ආසාදනය වුවන් බව සෞඛ්‍ය අංශ තහවුරු කර ගත් බව විජේසිංහ මහතා පැවසීය.
 
 එම ආසාධිතයන්ගෙන් බහුතරය ජා-ඇල ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ හා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන්ද මෙම ආසාධිතයන් අතර සිටින බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.
 
විශේෂයෙන් ප්‍රදේශයේ පුද්ගලයන් තම සංචරණ කටයුතු සීමා නොකර නත්තල් උත්සව සමයේ සාද පවත්වමින් කටයුතු කිරීම මෙම තත්ත්වය ව්‍යාප්ත වීමට හේතුවක් වු බවත් මේ නිසා ප්‍රදේශයක් ලෙස ජනතාව මීට වඩා සැලකිලිමත් ව කටයුතු නොකලහොත් ජන ජීවිතය වඩාත් පීඩාකාරී වනු ඇතැයිද ජා-ඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා වැඩිදුරටත් කීවේය.
 



අදහස් (0)

ඒකල කර්මාන්ත ශාලාවක 39 දෙනකුට කොවිඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site