(ඩයනා උදයංගනී)
කොරෝනා හෙවත් කොවිඩ් 19 දෙවැනි රැල්ල පාලනය කිරීමට නම් රෝග වාහකයන් නිවැරදිව හඳුනාගැනීම සඳහා රටේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් පී.සී.ආර් පරීක්‍ෂණවලට ලක්කිරීම වහාම ආරම්භ කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මෙම තත්ත්වය පාලනයේදී දේශපාලන නායකත්වය හා කැපවීම, සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව සහ ක්‍රියාකාරීත්වය මෙන්ම ජනතා කැපවීම යන කරුණු ශක්තිමත් කිරීම ඉතා වැදගත් බවද එම සංගමය කොවිඞ් දෙවන රැල්ලක අවදානම සම්බන්ධයෙන් වන තත්ත්ව වාර්තාවක් නිකුත් කරමින් කියා සිටී.
මෙම වාර්තාව ප්‍රධාන කරුණු 18 කින් සමන්විත වේ.
එම සම්පූර්ණ වාර්තාව මෙස්ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසියම් අයෙකුට කොවිඩ් වැලඳී ඇත්දැයි සැකයක් ඇති වූවද, මුදල් ගෙවීමකින් හෝ පී.සී.ආර්. පරීක්‍ෂණයක් සිදුකර ගැනීමේ අවස්ථාවක් සලසා නොමැති වීම නිසා අවම වශයෙන් දින 5-6 ක් බලා සිටීමට සිදු වේ. එම ප්‍රමාදය හේතුවෙන් ඔහු ඇසුරු කළ පිරිස් හරහා තවත් විශාල පිරීසක් වෛරසයට ගොදුරු වීමට අවස්ථාව සැලසී තිබේ. කෙටි කාලයකින් පීසීආර් සඳහා යොමු වීමට අවස්ථාවක් ලබා නොදීම ඉතාමත් කණගාටුවට කරුණකි.
රනිල් මේක කියද්දි මිනිස්සු හිනා වුණා.
මෙගෝල්ලො ගැන කියලා වැඩක් නෑ.
තුන්වන ලෝකයේ ඇතැම් රට වල දේශපාලනඥයින් ගන්නේ පුදුම තීන්දු තීරණ තමයි. සුදුසු දේට ඒ ගැන දැන උගත් අය පත් කරනවා වෙනුවට ඒ සම්බන්ධව දැනීමක් නොමැති වෙනත් අංශයක දැනීමක් ඇති අය පත් කරනවා. උදාහරණයකට වෛද්‍ය විද්‍යාව නොදත් කෙනෙක් ඒ හා සම්බන්ධ තනතුරක ප්‍රධානත්වයට පත් කරනවා. වෛද්‍යවරුන් කියන දේ ඒ අයට තේරෙන්නේ නෑ. මේ නිසා සිදු වෙන හානිය සුළු පටු නොවෙයි. මේක වටහා ගන්නට බැරි දේශපාලඥයන් නිසා ඒ රටවල් වලට මොන තරම් හානියක් සිදුවෙනවා ඇත්ද ..... ? මේවා කාට කියන්නද ...?
ඔය කියන සංගමේ සාමාජික මහත්හොරු අර කන්දකාඩු වල රාජකාරිය හරියට කරල මුල් අවස්ථාවේදීම රෝගය අඳුනගෙන වැඩ කරා නම් මේ ගැටලු නෑ නේ. එහෙම වූනානම් මුලු පුනරුත්ථාපන මධ්‍යස්ථානෙම ලෙඩ වෙන්නෙ නෑ. රටට නැවත බෝවෙන්නෙත් නෑ.
මේ ඔක්කොටම කළින්ම රනිල් වික්‍රමසිංහ ඇසිය යුතුයි පී.සී.ආර්. පරීක්ෂණය සිදු කරන්න කියලා... අපි ඔහුට ඇහුම්කන් දුන්නොත්, දෙවැනි රැල්ලක් එන එකක් නැහැ.
මේ සංගමය ඉස්සර නම් කිය කියා හිටියේ නැහැ. දිගටම වර්ජනය කළා. ඇයි දන්නේ නැහැ දැන් එහෙම නැත්තේ?
මේ සංගමේ දැන්නම් කන්දොස්කිරියාවක්... වදයක්... මේ අය අර කාර්ය සාධක බලකායෙත් ඉන්නවා. එතන කියන්න ඕන දේවල් පත්තරචලට කියලා මිනිස්සුන්ගේ ඔලුව කුරුවල් කරනවා. වෙනිවැල්ගැට කොත්තමල්ලි බොන්න පුලුවන් තරම් කියලා කිව්වා නම් මිනිස්සුන්ට ප්‍රයෝජනයි.. මෙලෝරහක් නැති හෑලි දොඩවනවට වඩා...