(ඉන්දික අරුණ කුමාර)

නාඋල - අඹන විද්‍යාර්ථ පිරිවෙනේ අධ්‍යාපනය ලබන භික්ෂුන්වහන්සේ  9 දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් පිරිවෙනේ ඉගැන්වීම් කටයුතු නවතා දැමු බව පරිවේනාධිපති හිමියෝ සදහන් කළහ.

මේ වන විට රෝගී භික්ෂුන් වහන්සේ ලග්ගල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින බව අඹන විද්‍යාර්ථ පිරිවෙනේ පරිවේනාධිපති, සාමවිනිසුරු,ආයුර්වේද වෛද්‍යාචාර්ය හා ජෙතිෂ්‍ය වේදී පූජ්‍ය තලකිරියාවේ සීලරතන ස්වාමින් වහන්සේ  අද  (27) සදහන් කළහ.