IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


අපරාධ - සිවිල් - වාණිජ නීති ප්‍රතිසංස්කරණයේ

(බන්දුල ඉලේපෙරුම)

ශ්‍රී ලංකාවේ දැනට පවතින අපරාධ නීතිය, සිවිල් නීතිය, සහ වාණිජ නීතිය ප්‍රතිසංස්කරණයට අදාළ පූර්ණකාලීන අනු කමිටු 3 ක් මේ වන විට ක්‍රියාත්මක වන බවත්, තවත් විශේෂඥ කමිටුවක් මගින් නව ව්‍යවස්ථාව කෙටුම්පත්කරන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවති අධිකරණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

මේ අනුව සමස්ත අධිකරණ පද්ධතියේම විශාල ප්‍රතිසංස්කරණයක් සිදුවෙමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කමිටුව අමතමින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් සහ හිටපු මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ටිකිරි කේ. ජයතිලක මහතා  කියා සිටියේ පුද්ගලයෙකු අපරාධකරුවකු  ලෙස නම් කිරීම වෙනුවට වගකිවයුතු පුරවැසියෙකු ලෙස සමාජගත කිරීම සදහා අපරාධ නීතිය සහ යුක්තිය පිළිබඳ සංකල්පය සමග  බැඳී ඇති  ප්‍රජා මූලික විශෝධනය වැදගත්වන බවයි.

මෙම පරමාර්ථය උපදේශක කමිටුවට ස්ථර දෙකක් හරහා කළ හැකි බව සහකාර මහලේකම්වරයා පෙන්වා දුන්නේය. පළමුවැන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා පෙළඹවීම සඳහා දේශපාලන නායකත්වය ඇතුළත් දේශපාලන ස්ථරය බවත්  දෙවන ස්ථරයට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නිලධාරීන් සහ වෘත්තිකයන් ඇතුළත් වන අතර අදාළ ප්‍රතිසංස්කරණ සඳහා ඔවුන්ගේ විශේෂඥ දැනුම ලබාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙහිදී අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, වඩාත් අර්ථාන්විත ප්‍රතිළුලයක් උදෙසා තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වීමට කැමති සියලු දෙනා සම්බන්ධ කර ගැනීම අමාත්‍යාංශයේ අරමුණ බවයි.

බන්ධනාගාරවල රැඳවුවන් සඳහා ධාරිතාව 11,000 ක් පමණ වුවද කොවිඩ් වසංගතය ඇතිවීමට පෙර සහ සාමාන්‍ය තත්වයන් යටතේ දළ වශයෙන් 30,000 - 33,000 අතර සංඛ්‍යාවක් දක්වා බන්ධනාගාරවල සිටි බවත් බහුතරය රිමාන්ඩ් සිරකරුවන් පමණක් වන අතර, වැරදිකරුවන් වන්නේ ආසන්න වශයෙන් 8000 ක් පමණක් පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය.

එසේම රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින 90% ක් හෝ ඊට වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මිස මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අපරාධකරුවන් නොවන බවත්  ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 
රජයේ රස පරීක්ෂක  දෙපාර්තමේන්තුවේ 2018-2019 සංඛ්‍යාලේඛන අනුව මත්ද්‍රව්‍ය  සන්තකයේ  තබා ගැනීම සම්බන්ධව ඇත්තේ නඩු 114 ක් පමණක් බව මෙහිදී අනාවරණය විය. එසේම අත්අඩංගුවට ගත් අයගෙන් 99% ක් එනම්  ආසන්න වශයෙන් 3300 ක රැදවූවන්   සතුව  තිබී ඇත්තේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2-5 අතර ප්‍රමාණයක්  පමණක් බවත් මෙහිදී හෙළිවිය.



අදහස් (3)

අපරාධ - සිවිල් - වාණිජ නීති ප්‍රතිසංස්කරණයේ

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 11 February 2021 01:40 PM

අන්න හොඳයි අමතිතුමෝ... වැඩේ නියමයි.. ඒ එක්කම චොකා මල්ලීවත් නිදොස්කොට නිර්දෝෂ කරන්න. මන්ත්‍රීවරුත් ඉල්ලීම් අත්සන් කර තිබෙන නිසා එය කිරීමත් සාධාරණයි වගේ... ඔබතුමා එදා නඩු වෙනුවෙන් පෙනී සිටි කෙනා නිසා මේ ඇමැතිකම ලැබුණා. තව තව අය බේරුවාම ඉදිරිකාලයේදී තවතව දේවල් ලැබේවි. බොහොම හොඳයි. ඔහොම්ම යන්... කාටද ආඩම්බර නේද?

:       6       41

Gihan Friday, 12 February 2021 12:16 AM

ඇයි මුස්ලිම් විවාහ නීතිය, කාති උසාවි වෙනස් කරන්නේ නැත්ද? අයියෝ 69 ඔයාලගේ බලාපොරොත්තුවලට මොකද වෙන්නේ? පව් අප්පා..

:       0       2

Nuwan Friday, 12 February 2021 06:58 AM

ශරියා නීති ප්‍රකාර විදිහට අනුකූල වෙන්න ඇති...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31515 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13849 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11068 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1070 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site